ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කමිටුවක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කමිටුවක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළව මුළික සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් පසුගිය 11 වැනිදා අධිකරණ අමාත්‍යංශයේදී පැවැත්විය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළ කමිටුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ, රියෙන්සි අර්සකුලරත්න  පත් කර තිබේ.

මෙම සාකච්ඡාවේදී අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවයි.

නව පනත ගෝලිය ත්‍රස්තවාදයට සහ අභියෝගයන්ට මුහුණ දිය හැකි ආකාරයේ පනතක් විය යුතු අතර, අන්තර්ජාතික වශයෙන් පිලිගන්නා වු මෙරට ව්‍යවස්ථාවෙන් ද සහතික කර වු මානව හිමිකම් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතින් කඩනොවන ආකාරයේ පනතක් විය යුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

පසුගිය කාලයේ පැවති ආණ්ඩු මෙම සංශෝධන නීති ගෙන ඒම සඳහා නිසි උද්යෝගයෙන් කටයුතු කර නොමැති අතර මේ සදහා පත් කර ඇති කමිටුව ඉතා කෙටි කාලයක් තුළ මෙම පනත අහෝසි කිරීමට අදාළ කරුණු සාක්ෂාත් කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී කමිටු නිලධාරින්ට දැනුම් දෙන ලදි.

මැයි මස මුල් කාලය තුළ මහජන අදහස් හා සිවිල් සංවිධානවල අදහස් ගැනීම සඳහා පියවර ගන්නා ලෙසත්, අන්තර්ජාතික ආයතන සහ ප්‍රජාවන්ගේ අදහස් ද ලබා ගැනීම පිණිස කටයුතු කරන ලෙසත්, අමාත්‍යතුමා කමිටුවට උපදෙස් දෙන ලදි.

අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ, නෙරින් පුල්ලේ, පාර්ලිමේන්තු මන්ත්‍රිනී, නීතිඥ, ලක්මාලි හේමචන්ද්‍ර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අසංග කරවිට, නීතිඥ, උපුල් කුමාරප්පෙරුම යන මහත්ම මහත්මීන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය , විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් උසස් නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න