වෙසක් පෝය නිමිත්තෙන් සිරකරුවන් 388කට විශේෂ රාජ්‍ය සමාවක්

වෙසක් පෝය නිමිත්තෙන් සිරකරුවන් 388කට විශේෂ රාජ්‍ය සමාවක්

එළඹෙන වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් 388 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාවක් ලබාදීමට තීරණය කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක  සඳහන් කළේ, මෙලෙස සමාව හිමිවන රැඳවියන් අතරට කාන්තා රැඳවියන් සිව්දෙනෙක් ද සිටින බවයි.

ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයෙන් 40ක්, වාරියපොළ බන්ධනාගාරයෙන් 38ක්, අනුරාධපුර බන්ධනාගාරයෙන් 36ක්, මහර බන්ධනාගාරයෙන් 30 ක් ඇතුළුව දිවයිනේ අනෙකුත් බන්ධනාගාරයන්ගෙන්ද මෙම රැදවියන් ලබන 12වැනිදා නිදහස් කිරීමට නියමිතව ඇත.

මේ අතර වෙසක් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් හමුවීම සඳහා මැයි මස 12 සහ 13 දිනවල අවස්ථාව සලසා දෙන බව බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසීය.

එම දින දෙක තුළ පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුළ එම අවස්ථාව හිමිවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර බන්ධාගාර වෙසක් කලාපය 12,13 හා 14 යන දින තුන තුළ දී බේස්ලයින් පාර බන්ධනාගාර මුලස්ථානය ඉදිරිපිට ක්‍රියාත්මක බව ද කොමසාරිස්වරයා සදහන් කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න