16 කණ්‌ඩායම ඉදිරි මැතිවරණවලට පොහොට්ටුවෙන් !

16 කණ්‌ඩායම ඉදිරි මැතිවරණවලට පොහොට්ටුවෙන් !

ඉදිරි මැතිවරණවලදී තම කණ්‌ඩායමද ඒකාබද්ධ විපක්‌ෂය සමග එක්‌ව පුළුල් සන්ධානයක්‌ ලෙසින් සන්ධාන ගතවීමට ඊයේ (23) සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග පැවැති සාකච්ඡාවේදී තම කණ්‌ඩායම එකඟවූ බව 16 කණ්ඩායමේ ප්‍රධානියකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාව ඉතා සාර්ථකව පැවැති බවත් ආණ්‌ඩුවට එරෙහිව ප්‍රබල විපක්‌ෂයක්‌ ගොඩනැගීමට ඒකාබද්ධ විපක්‍ෂය සමග එක්‌ව කටයුතු කිරීමට ද එකඟවූ බවත් හෙතෙම කීවේය.

ඔහු මේ බැව් පැවසුවේ ඇමැතිධුරවලින් ඉවත්ව විපක්‌ෂයේ අසුන්ගත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ 16 දෙනාගෙන් යුත් පාර්ලිමේන්තු කණ්‌ඩායම ලෙසින් ඊයේ සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමිනි.

මෙම සාකච්ඡාව සඳහා සහභාගි නොවූවේ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පමණක්‌ බවත් ඊට හේතුව ඔහු අසනීප තත්ත්වයෙන් පසුවීම බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.

විපක්‍ෂයේ පුළුල් සන්ධානයක් ලෙස එක්ව වැඩ කිරීමට සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග ගිවිස ගත් බව මෙම හමුවට සහභාගී වූ 16 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පැවසීය.

GL 1000px ''පොහොට්ටුවෙන් එනවා නම් මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය පිළිගත යුතුයි'' -ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ 

පසුගිය පළාත් පාලන මැතිවරණයෙදී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ පුළුල් සන්ධානයක් ලෙස ඉදිරිපත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටු පක්ෂය) ඒකාබද්ධ විපක්ෂයේ ද සහය ලැබිණ. 

16 කණ්ඩායම මහින්ද රාජපක්ෂ මහතා හමුවීම හා ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් පසුගිය 21දා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා, ආණ්‌ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්‌ඩායමට තම පක්‍ෂයේ දොර විවෘත වන බවත්, සිය පක්‍ෂය සමඟ එක්‌වන අය මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය පිළිගත යුතු බවත් අවධාරණය කර සිටියේය.

දේශපාලන පක්‍ෂයකට සිටිය යුත්තේ එක නායකයකු පමණක්‌ බවත් නායකයන් දෙදෙනකු සිටිය නොහැකි බවත් ජී. එල්. පීරිස්‌ මහතා එහිදී සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න