පුත්තලමේ චණ්ඩි මන්ත්‍රී සනත් යළි රිමාන්ඩ්

පුත්තලමේ චණ්ඩි මන්ත්‍රී සනත් යළි රිමාන්ඩ්

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සහෝදරයෙකු වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා ජුනි 7 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මහාධිකරණ රෙජිස්ටාර් අජිත් ජයසුන්දර නියම කර ඇත.

අධිකරණ ආරංචිමාර්ග වාර්තා කරන ආකාරයට හලාවත මහාධිකරණ විනිසුරු සංජීව මොරායස් රෝගාතුරව ප්‍රතිකාර ලැබීම සඳහා රෝහල් ගත කර සිටින බැවින්   මහාධිකරණ රෙජිස්ටාර් අජිත් ජයසුන්දර  ඉදිරියේ මෙම නඩුව කැඳවා ඇත.

2008 නොවැම්බර් 24 වැනි දා හෝ ඊට ආසන්න දිනක කරුක්කුලිය ජයතිලකාරාම විහාරස්ථානයේදී එවකට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාව සිටි ධනසේන සූරසිංහ මහතාට පහර දී රාජකාරියට බාධා කරන ලදැයි   මන්ත්‍රී සනත් නිශාන්ත සහ ඔහුගේ සහෝදරයාට චෝදනා ඉදිරිපත්ව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න