නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත වෙනුවෙන් : මෙහෙයුම් කමිටුව අද රැස්වෙයි !

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත වෙනුවෙන් : මෙහෙයුම් කමිටුව අද රැස්වෙයි !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අවසන් වාර්තාව හා යෝජිත නව  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම සම්බන්ධයෙන් සකච්ඡා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව අද (24)  රැස්වීමට නියයමිතව ඇති බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ  පාර්ලිමේන්තු සංකීර්ණයේදී  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව රැස්වීමට නියමිත අතර  ආණ්ඩුක්‍රම වයවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා හා අනු කමිටු වාර්තා විවාදයට ගැනීමෙන් අනතුරුව මෙහෙයුම් කමිටුව රැස්වෙන පළමු අවස්ථාව මෙය වේ.

මේ  වන විට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම සම්බන්ධයෙන් අතුරු වාර්තා හා අනු කමිටු වාර්තා 06ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව වූ විවාදයද පසුගියදා පවත්වනු ලැබූ අතර ඒ අනුව  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අවසන් වාර්තාව සකස් කිරීම හා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පිළීබඳව අද දිනයේ මෙහෙයුම් කමිටුවේ අවධානය යොමුවනු ඇති බව වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න