යාපන මහාධිකරණයේ කෙළින් තීන්දු දුන්න ඉලන්චේලියන් ත්‍රිකුණාමලයට !

යාපන මහාධිකරණයේ කෙළින් තීන්දු දුන්න ඉලන්චේලියන් ත්‍රිකුණාමලයට !

යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් එළඹෙන 28 වනදා සිට ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු ලෙස ස්ථාන මාරුවක් ලබාදී ඇත.

2015 ජුනි 01 සිය යාපනය මහාධිකරණ විනිසුරුවරයා ලෙස ඒ මහතා සිදුකළ කීර්තිමත් සේවය ඇගයීමක් ලෙස ඔහුට ගෞරව පුදකිරීමේ උත්සවයක් පසුගියදා යාපනය අධිකරණ සංකීර්ණයේ පවත්වා ඇති අතර එම අවස්ථාව සඳහා අධිකරණ විනිසුරුවරුන්, නීතීඥයන් මෙන්ම එහි කාර්ය මණ්ඩල සාමාජිකයන්ද සහභාගීවී සිටියහ.

ශිවලෝගුනාදන් විද්‍යා ඝාතන නඩුවේ තීන්දුව, මත්ද්‍රව්‍ය, කෝවිල් ආශ්‍රිත බිලිපූජා නැවත්වීම ඇතුළු ආන්දෝලනාත්මක තීන්දු රැසක් නිර්භීතව ලබාදුන්  ඉලන්චේලියන් විනිසුරුවරයා පසුගිය වසරේ වෙඩි ප්‍රහාරයකටද ලක්විය.

එහිදී මියගිය සිය පොලිස් ආරක්ෂක නිලධාරියාගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සහයදීමේ වගකීම ලබාගන්නට තරම් වැදගත් මහත්මයකු වූ ඔහු සුළු වැරදි සිදුකර දඩ ගෙවීමට නොහැකි අසරණ පුද්ගලයන්ට සිය වියදමින් දඩ ගෙවා අවවාද කොට නදහස් කරන්නට කටයුතු කර ඇති විනිසුරුවරයෙකු ලෙසද ප්‍රසිද්ධය.

ilan1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න