අර්ජුන් මහේන්ද්‍රන් ගැන සිංගප්පූරු පොලිසියෙන් දැනුම්දීමක් !

අර්ජුන් මහේන්ද්‍රන් ගැන සිංගප්පූරු පොලිසියෙන් දැනුම්දීමක් !

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්  සිංගප්පූරුවේ සිටින බවට එරට පොලීසිය ශ්‍රී ලංකා පොලිසිය වෙත දන්වා එවා ඇතැයි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ  කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න  හමුවේ දැනුම් දී ඇත.

ඒ  ඊට අදාළ නඩුව  අද (24) කැඳවා තිබු අවස්ථාවේ ය. හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්  සම්බන්ධයෙන් නිකුත් කළ විවෘත වරෙන්තුවට අනුව ජාත්‍යන්තර පොලිස් සම්බන්ධීකරණ කාර්යාලය  රතු නිවේදනයක් නිකුත් කර ඇති බවත් ඔහු මෙරට සම්භවයක් ඇති සිංගප්පූරු පුරවැසියකු බැවින් මෙරටට ගෙන්වා ගැනීම අභ්‍යන්තර පියවර ගනිමින් සිටින බවටත් එහිදී  අතිරේක සොලිසිටර් ජෙනරාල් වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත.  

මේ අතර ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව  සැකපිට අත්අඩංගුවට  ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර  සිටින  පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන   ජූලි මස 07  වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන කරන ලෙසද  කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න