උතුරේ මියගිය ජනතාව සැමරීම වැළැක්වය නොහැකියි - ඇමති වජිර

උතුරේ මියගිය ජනතාව සැමරීම වැළැක්වය නොහැකියි - ඇමති වජිර

71 කැරැල්ලේදී මෙන්ම  88 – 89 කාලයේ දී දකුණේ මියගිය අය විරුවන් ලෙස සමරන බවත් එසේම යුද්ධයෙන් මියගිය හමුදා නිලධාරීන් සමරන්නා සේම උතුරේ මියගිය ජනතාව සැමරීම වැළැක්වය නොහැකි බව අමාත්‍ය වජිර අබේවර්ධන සඳහන් කර සිටියි. 

පසුගියදා පැවති දිසාපති සමුළුවේ දෙවන දිනයට සහභාගීවීමෙන් පසුව මාධ්‍ය අමතමින්  අමාත්‍යවරයා මේ බව සඳහන්කර ඇත.

එසේම  මළවුන් සැමරීම ශ්‍රී ලංකාවේ අතීතයේ සිට පැවත ඒන චාරිත්‍රයක් බවත් එහෙයින් එය ප්‍රශ්නයක් කරගෙන ප්‍රශ්න ඇතිකර ගැනීම අනවශ්‍ය බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

සිංහල ජාතිවාදයටත්, දෙමළ ජාතිවාදයටත්, මුස්ලිම් ජාතිවාදයටත් රජය දැඩි සේ විරුද්ධ බවත්  ජාතිවාදී ගැටුම් ඇතිකරන පුද්ලයන්ට ඒරෙහිව දැඩි ක්‍රියාමාර්ග රජයෙන් ගන්නා බවත් එහිදී සිහිපත් කළ අමාත්‍යවරයා ජාතික කොඩිය භාවිතය සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් පනවා ඇති නියමයන්ට ඒරෙහිව කිසිවෙකුත් කටයුතු නොකරනු ඇතැයි තමන් විශ්වාසකරන බවද අවධාරණය කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න