ප්‍රගීත්ගේ බිරිදට තර්ජනය කළාට ඥානසාර හිමි වරදකරු වෙයි : දඬුවම ජුනි 14 !

ප්‍රගීත්ගේ බිරිදට තර්ජනය කළාට ඥානසාර හිමි වරදකරු වෙයි : දඬුවම ජුනි 14 !

රාජපක්ෂ රෙජීමය පාලන සමයේ අතුරුදහන් කරවූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී බැන තර්ජනය කිරීම සම්බන්ධව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු බවට තීන්දුකර ඇත.

අදාළ සිදුවීම සම්බන්ධව හෝමාගම පොලිසිය විසින් ගොනුකර තිබූ නඩුව අද (24) කැඳවූ අවස්ථාවේ  හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇති අතර වරදකරුවූ ඥානසාර හිමියන්ට දඬුවම් නියම කිරීම එළඹෙන ජුනි 14 වනදාට කල්තබා ඇත.

2016 ජනවාරි 25 වනදා ඥානසාර හිමියන් හෝමාගම අධිකරණයේදී තමන්ට බැන තර්ජනය කළ බව සඳහන් කරමින්  ප්‍රගීත් එක්නැළිගොඩ මාධ්‍යවේදියාගේ බිරිඳවූ සන්ධ්‍යා  එක්නැළිගොඩ  හෝමාගම පොලිසිය වෙත සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම නඩුව ගොනුකර තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න