Language Switcher

V2025

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියාව වෙඩි තබා ඝාතනය කරලා !

රත්මලාන, ඥානේද්‍ර පාර ප්‍රදේශයේදී ඊයේ (24) රාත්‍රී  සිදු  වූ වෙඩි තැබීමකින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු වන ධනංජය ද  සිල්වාගේ පියා ඝාතනයවී ඇති බව වාර්තා වෙයි.

කේ. රංජන් සිල්වා (62) නමැති ඔහු  රත්මලාන වෙරළපාර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක්ද වෙයි.

මේ සමඟ තුවාල ලැබූ තවත්  පුද්ගලයින් තිදෙනෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර  වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බව ගල්කිස්ස පොලිසිය සඳහන් කරයි.

මේ අතර අද  බටහිර ඉන්දිය කොදෙව් රාජ්‍ය  බලා සංචාරය කරන ශ්‍රී ලංකා සංචිතයෙන් ධනංජය ද සිල්වා ඉවත් වී ඇති බවද වාර්තා වෙයි.