රාජපක්ෂලා රණවිරුවන්ට සලකපු හැටි : ෆොන්සේකා කතා කරයි !

රාජපක්ෂලා රණවිරුවන්ට සලකපු හැටි : ෆොන්සේකා කතා කරයි !

ආණ්ඩුවේ රණවිරු සමරුව දුර්වල බව සඳහන් කරන රාජපක්ෂලා රණවිරුවන්ට සලකණු ලැබුවේ  ක්‍රියාන්විත රාජකාරියේදී දක්ෂ ලෙස  කටයුතු කළ හමුදා බ්‍රිගේඩියර්වරුන් දහදෙනෙකු, කර්නල්වරුන් 10ක් ඇතුළු නිලධාරීන් සහ සෙබළුන් ගණනාවක් විශ්‍රාම වැටුප පවා අහිමිකර ගෙදර යවා බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කරයි.

එසේම රටේ ජාතික ආරක්ෂාව බිංදුවට වැටී ඇති බව කියන ගෝඨාභය රාජපක්ෂ යුද්ධය උග්‍රව පවතින අවස්ථාවේ  සෙබළුන් ලේ කඳුළු හෙළමින් යුද කරන විට ඔහු රටින් පැනගොස් ඇමරිකානු පුරවැසිබව ලභා ඇමරිකාවේ ආරක්ෂාව වෙනුවෙන් අවි ගන්නට සුදානම් බවට දිව්රු බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙන අතර එදා  රටේ ආරක්ෂාව බිංදුවද දහයද කියා සොයන්නවත් නොඉඳ රට පැනසිටි අයෙකුට එක්වරම දේශප්‍රේමයක් මතුවීම ප්‍රශ්නයක් බවද අමාත්‍යවරයා පවසා ඇත.

රටේ ආරක්ෂාව ගැන දැනුමක් තිබීමට නම් රට ගැන දැනුමක් තිබිය යුතු බවත් ශ්‍රී මහා බෝධියට, දළදා මාලිගයට පහරදෙන විට නිදාසිටි පුද්ගලයෙක් අද ජාතික ආරක්ෂාව ගැන හෙළන්නේ  කිඹුල් කඳුළු බව ජනතාව තේරුම්ගත යුතු බවද අමාත්‍යවරයා එහිදී පවසා තිබේ.

මෙම සාකච්ජාවේ දී ආබාධිත සෙබළුන් සම්බන්ධවද අදහස් දක්වා ඇති අමාත්‍යවරයා අද ආබාධිත සෙබළුන් කියා නිතර පාරට එන 100කටත් අඩු පිරිස දේශපාලන උවමනාවක් වෙනුවෙන් පෙනී සිටින බවත් ඒ හැර ඇඳට පමණක් සීමාවූ රණ විරුවන් 3000ක්, ආබාධිත වූ 10000ක් මෙන්ම අන්තිම අවුරුදු 3 දී 27000ක් පමණ සෙබළුන් තුවාල ලැබූ බවත් සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ  ඒ සියළු දෙනා වෙනුවෙන් රජය සිය  යුතුකම් ඉටුකරන බවය.

නමුත් එදා  රාජපක්ෂලා හමුදාව යෙදවූයේ පුතාලට රේස් පදින්න වැලි කොට්ට අදින්න සහ කානු පුරවන්න බවත් අද රණවිරුවන්ට එවැනි ඉරණමක් නොමැති බවද ඔහු පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න