සත්‍යග්‍රහයට දින 10 යි : අවධානය බිංදුවයි !

සත්‍යග්‍රහයට දින 10 යි : අවධානය බිංදුවයි !

ශාස්ත්‍රීය විෂය කප්පාදුවේ එක් පියවරක් ලෙස බෞද්ධ දර්ශනය විෂය උසස් අධ්‍යාපනයෙන් පිටමං කිරීමට ගන්නා උත්සාහය සම්බන්ධව දිගින් දිගටම බලධාරීන් දැනුවත් කළත් මේ දක්වා ඒ සම්බන්ධව කිසිඳු විසඳුමක් සැපයීමට බලධාරීන් කටයුතු කර නොමැති බව  අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බලමණ්ඩලය සඳහන් කරයි.

ඊයේ  (24)  සෞන්දර්ය විශ්වවිද්‍යාලයේදී   මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් එම සංගමය මේ බව සඳහන් කළ අතර  2016/17 අධ්‍යයන වර්ෂය සඳහා බෞද්ධ දර්ශන විෂය වෙනුවෙන් කිසිඳු ශිෂ්‍යයකු විශ්වවිද්‍යාල වෙත බඳවාගෙන නොමැති බවත් ඊට විරෝධය පළකරමින් දියත්කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහ ව්‍යාපාරයට මේ වන විට දින 10ක් ගතව ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

මේ වන විටත් මතුව ඇති තත්ත්වය සම්බන්ධව පිරිවෙන් ශිෂ්‍ය එකමුතුව හරහා රටපුරා පිරිවෙන් දැනුවත් කිරීමේ ව්‍යාපාරයක්ද ආරම්භ කර ඇති බව සඳහන් කරන එම සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ප්‍රශ්නය විසඳීමට බලධාරීන් කටයුතු නොකළහොත් ඊට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරය සමඟ එකතුව ඉදිර්යටත් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න