ඇලෝගෙන් මිලියනයක් ගත්තා : දයාසිරි පිළිගනියි !

ඇලෝගෙන් මිලියනයක් ගත්තා : දයාසිරි පිළිගනියි !

තමන් ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින   පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම ඇතුළත්  එම ව්‍යාපාරයට සම්බන්ධ   ‘වොල්ට් ඇන්ඩ් රෝ’ සමාගමෙන් දෙන ලද රුපියල් මිලියනයක චෙක් පතක් මාරු කර මුදල් ලබාගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (25) පිළිගෙන ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයා මේ බව පිළිගෙන ඇති අතර 2015 මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් එම මුදල ලබාගත් බවත් තමන් පමණක් නොව මන්ත්‍රීවරුන් ව්‍යාපාරිකයන් වෙතින් මැතිවරණ කටයුතු සඳහා මුල්‍ය ආධාර ලබාගන්නා බවද එහිදී මන්ත්‍රීවරයා සඳහන් කර ඇතැයිද සඳහන්ය.

කෙසේ වුවත්  මහ බැංකුවේ සැකසහිත  බැඳුම්කර ගනුදෙනුව සිදුවුයේ  2015 වසරේ පෙබරවාරි 27 වනදා වන  අතර දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙම රුපියල් මිලියනයේ මුදල ලබාගෙන ඇත්තේ 2015   ජුනි 13 වනදාය.

ඒ අනුව 2015 අගෝස්තු 17 පැවති මහ මැතිවරණය වෙනුවෙන් මන්ත්‍රීවරයා මෙම මිලියනයක මුදල ගෙන ඇති අතර එම මැතිවරණයේදී එක්ජසත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෙකි.

බැඳුම්කර ගනුදෙනුවට අදාළ කෝප් පරීක්ෂණ සිදු කළ සමයේ අර්ජුන් ඇලෝසියස් විසින් දයාසිරි ජයේසේකර (එවකට අමාත්‍ය) මන්ත්‍රීවරයාටද   දුරකථන ඇමතුම් ලබාදී ඇති බව බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව  විමර්ශනය කළ ජනාධිපති කොමිසමේදීද අනාවරණය වී තිබිණි.

කෙසේ නමුත් මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී සිය පැහැදිලි කිරීම සිදු කරමින් වැඩිදුරටත් පවසා ඇත්තේ  තමන් අර්ජුන් ඇලෝසිස්ගෙන් මුදල් ලබාගත්තද ඔවුන්ගේ වංචා දූෂණ ක්‍රියාවන් ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න