ශ්‍රීලනිප 16 කණ්ඩායම : මෛත්‍රීගෙන් වෙන් වෙයි !

ශ්‍රීලනිප 16 කණ්ඩායම : මෛත්‍රීගෙන් වෙන් වෙයි !

ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 කණ්ඩායම ඉදිරියේදී  ස්වාධීනව තම තීන්දු තීරණ ගැනීමට තීන්දු කර තිබෙන බව එම කණ්ඩායමේ ජේෂ්ඨ සාමාජිකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කර ඇත.

සති අන්ත පුවත්පතකට ප්‍රකාශයක් ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර ඒ අනුව මින් ඉදිරියට 16 දෙනා ගන්නා තීරණ හෝ තීන්දු හෝ සංවිධානයෙන්, කිසිවකුගෙන් උපදෙස් පැතීමක් හෝ දැනුවත් කිරීමක් සිදු නොකරන බව ද සඳහන් කර ඇත. 

එසේම ඉදිරියේදී දහසය  දෙනා අනෙකුත් සුළු පක්ෂ සමඟ සාකච්ඡා කිරීම ද ආරම්භ කරන බවත් ඒ හරහා මීළඟ මැතිවරණය සඳහා පුළුල් සන්ධානයක් ඇති කිරීම මූලික අපේක්ෂාව බවත් ඔහු පවසා ඇත.

මේ අතර ඊයේ (26) මාතර පැවති හෘද සාක්ෂියේ නිදහස සම්මන්ත්‍රණය අමතමින් සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා පවසා ඇත්තේ ඉදිරියේදී මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ නව වැඩපිළිවෙලක් සකස්කරන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න