ජීවන්ත සහ දිල්හාර : මැච් විකුණලා මාට්ටු !

ජීවන්ත සහ දිල්හාර : මැච් විකුණලා මාට්ටු !

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 20-20 ක්‍රිකට් තරගයක් අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු මුදලට තරග පාවාදීමේ සූදානමක් සම්බන්ධව සාකච්ඡා කරන වීඩියෝවක් අල්ජසීරා වෙබ් අඩවිය විසින් නිකුත් කර ඇත.

එම වීඩියෝවේ දැක්වෙන්නේ මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ජීවන්ත කුලතුංග සහ දිල්හාර ලොකුහෙට්ටිගේ යන ක්‍රීඩකයින් දෙදෙනා රොබින් මොරිස් නම් බුකීකරුවා සමඟ අදාළ තරගපාවාදීම සම්බන්ධව සාකච්ඡා කරන ආකාරයයි.

එම අවස්ථාවට සහභාගීවූ අල්ජසීරා මාධ්‍යවේදියා එය රහසේ පටිගතකර මේ ආකාරයට අනාවරණය කර ඇත.

එසේම මීට පෙර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහය කළමනාකරු සහ තණතීරුව සකසන්නා එනම්  තරංග ඉන්දික සහ තරිඳු මෙන්ඩිස් යන දෙදෙනාද තරග පාවාදීමට කටයුතු යෙදු බවද අල්ජසීරා විසින් චෝදනා කරනු ලැබිණ.

අදාළ සිදුවීම සම්බන්ධව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මේ වන විටත් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කර ඇති අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවත්වන ඕනෑම පරීක්ෂණයක් සඳහා සහයදීමට සූදානම් බව  මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද දන්වා ඇති බව වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න