ශ්‍රීලනිප 16 කණ්ඩායම කටයුතු කරන ආකාරය සැක සහිත බවත් එබැවින් ඔවුන් සම්බන්ධව විශේෂ අවධානයකින් කටයුතු කළ යුතුව ඇති බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන නිදහස් සන්ධාන මන්ත්‍රී රමේෂ් පතිරණ සඳහන් කර සිටියි.
වසර තුනක් ආණ්ඩුවේ තනතුරු ගෙන කටයුතු කර පසුගිය පළාත් පාලන මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු තම පාර්ශවයේ නායකයන්ට දැඩි විවේචන එල්ල කළ එම පාර්ශවය මේ වන විට විපක්ෂයට එක්වූ බව සඳහන් කරමින් තම පාර්ශවයේ දේශපාලන තීන්දු තීරණ සම්බන්ධව පවා මැදිහත්වන බවක් පෙනෙන්නට ඇති බවද ඔහු පවසයි.
ඒ අනුව ඔවුන් මේ වන විට තම පාර්ශවයේ ජනාධිපති අපේක්ෂකයා පවා නම් කරන්නට කටයුතු කරමින් සිටින බවත් වසර තුනක් පුරාවට දුෂ්කරව ගොඩනැගු ව්‍යාපාරයේ කටයුතු ඔවුන් මත තීරණය වීම ඉඩදිය නොහැකි දෙයක් බවද ඔහු සඳහන් කර සිටියි.
නව පක්ෂය නිර්මාණය කිරීමට දරදිය ඇදි පිරිස සිටියදී හදිසියේ පැමිණි පිරිසක් වෙත තීන්දු තීරණ ගැනීමට ඉඩදී බලා සිටීමට තම පාර්ශවය සූදානම් නැති බවද ඔහු සඳහන් කර ඇත.

