වාසුදේව 20ට එරෙහිවන හේතුව මෙන්න !

වාසුදේව 20ට එරෙහිවන හේතුව මෙන්න !

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තමා විරුද්ධ වන්නේ ඊට අදාල යෝජනාව සම්මතවූ වහාම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත තනි බලයක් ලැබෙන නිසා බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

''මේ යෝජනාව සම්මත වුනොත් සම්මත වුණ වෙලාවේ ඉඳලා බලය මාරු වෙනවා රනිල් වික්‍රමසිංහ මහතාගේ අතට තනි බලයක් හැටියට. මේ නිසයි අපේ පක්ෂය මේ යෝජනාවට විරුද්ධ. මහින්ද රාජපක්ෂ මහතා අගමැති හැටියට පත් වී ආණ්ඩුව හැදුවාට පසු ජනාධිපති බලය අහෝසි කරන්න අපි සූදානම්..'' යයි ඔහු පැවසුයේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

ගොඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට නොගැලපෙන බවත් ඔහුට ජනාධිපති අපේක්ෂකයෙක් වී ජය ගත නොහැකි බවත් වාසුදේව නානායක්කාර මහතා මෙම මාධ්‍ය හමුවේදී පැවසිය. 

ඒ මහතා එහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පවසන්නේ “ජනාධිපතිවරණයක් පවත්වන්නම සිද්ධ වුනොත් අපේ පැත්තෙන් චමල් හොඳයි කියලයි මගේ අදහස” යනුවෙනි.

'ගොඨාභය මිලිටරි නායකයෙක්, එයා සුදුසු නැහැ'
 
ගොඨාභය රාජපක්ෂ මහතා මිලිටරි නායකයෙකු බවත් එවැනි පුද්ගලයෙකු රාජ්‍ය නායකයා වීම සුදුසු නැති බවත් වාසුදේව නානායක්කාර මහතා එහිදී අවධාරණය කළේය.

එමෙන්ම ජනාධිපති ධුරය අහෝසි කිරීමේ 20 වෙනි සංශෝධනය ගැන වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුයේ, වත්මන් ජනාධිපතිවරයාම පාර්ලිමේන්තුවෙන් යෝජනා කරන ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට එකඟතාවයකට පැමිණිය හැකි බවත්  මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් පාර්ලිමේන්තුවේ බලය ලබාගැනීමට අදහස් කරන බවත්ය.

ඒ සම්බන්ධයෙන් ඔහු මාධ්‍ය වෙත මෙසේ කරුණු පැහැදිලි කළේය.

''අපි සිරිසේන මහතා එක්ක එකඟත්වයකින් තමයි මේ ආණ්ඩුව පරාජය කරන්නේ. එහෙම කරාට පස්සේ අපි සිරිසේන මහතා දරන ධූරය අවසන් කරනවා නම් උතුමාට පාර්ලිමේන්තුවෙන් පත් කරන ජනාධිපතිවරයෙකුගේ තත්ත්වය දරණ්න ඉඩ සලස්වන එකඟත්වයකට අපිට එන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

ඊලඟ මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂයේ පොදු අපේක්ෂකයා කවුරු වෙයිද?

ජනාධිපති ඡන්දය තියන්නම වුණොත් චමල් හොඳයි. චමල් මධ්‍යස්ථයි. චමල් රාජපක්ෂ මහත්තයා ගැන මම කියන්නේ රාජපක්ෂ පවුලේ කෙනෙක් හැටියට සලකලා නෙවෙයි.
ඇයි ගෝඨාභයව දාන්න බැරි?

එතුමාට ජයග්‍රහණය කරන්න අමාරුයි කියන එකයි මගේ අදහස. ආරක්ෂක ලේකම් හැටියට ඉන්න කාලේ මිලිටරි ක්‍රමයක් තමයි එතුමා අනුගමනය කරේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න