ගෝඨාට ජවිපෙ බය නෑ : අනුර එළිපිට කියයි

ගෝඨාට ජවිපෙ බය නෑ : අනුර එළිපිට කියයි

ජනතා විමුක්ති පෙරමුණ කාටවත් බයේ දේශපාලන තීන්දු තීරණ ගන්නා පක්ෂයක් නොවන බවත් ඒ පදනමින් කවුරු ගෝඨාභය රාජපක්ෂට බිය  වුවද ජනතා විමුක්ති පෙරමුණට එවැනි බයක් නැති බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක සඳහන් කරයි.

පසුගියදා ගම්පහ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ජවිපෙ නායකයා මේ බව සඳහන් කළ අතර 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ විධායකය සතු අසීමිත බලය ඉවත්කර ප්‍රජාතන්ත්‍රවාදයට ජයග්‍රහණ අත්කර දෙන්න බවත් ඒ හැර කාගේවත් දේශපාලන ව්‍යාපෘතියකට බියවීමක් එහි නොමැති බවත් ඔහු සඳහන් කර සිටියි.

ගෝඨාභයට ජනාධිපති අපේක්ෂකත්වය පවා හිමිවන්නේ මහින්දට එම අවස්ථාව අහිමි නිසා බවත් ඔහුට අවස්ථාව පැවතියා නම් වෙනත් කිසිවෙකුට ඒ සඳහා අවස්ථාව හිමි නොවන බවද මන්ත්‍රීවරයා පවසා ඇත.

එම කතාවේ කොටස් ඇතුළත් voicetube.lk  වීඩියෝව පහත දැක්වේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න