ලංගම ''යුනියන්'' ලොක්කන්ට අවසර පත්‍ර දී කෝටි අටක පාඩුවෙලා

ලංගම ''යුනියන්'' ලොක්කන්ට අවසර පත්‍ර දී කෝටි අටක පාඩුවෙලා

ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සමිති අටක නියෝජිතයන් සඳහා විවෘත නිදහස් ගමන් අවසර පත්‍ර 138ක් නිකුත් කිරීමෙන් රුපියල් කෝටි හතරකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

එසේම හුවමාරු පදනම මත දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් දුම්රිය නිදහස් ගමන් අවසර පත් විසි දෙකක් වෘත්තිය සමිති සඳහා ලබාදීමෙන් තවත් කෝටි දෙකකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය පැවසීය

රජය පිළිගත් වෘත්තිය සමිති සම්මේලනයක් වෙනුවෙන් නිලධාරීන් දෙදෙනකු පූර්ණ කාලීනව සම්මේලනයේ කටයුතු සඳහා නිදහස් කළ හැකි බවත් එසේ මුදා හරින නිලධාරියෙකුට දිවයිනේ ඕනෑම ස්ථානයකට ගමන් කිරීම සඳහා නිදහස් දුම්රිය බලපත්‍ර සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ නිදහස් ප්‍රවේශ පත්‍ර ලබාදිය යුතු බවත් පැවසිය. කෙසේ වෙතත් ඉහත නිදහස් ගමන් බලපත්‍ර නිකුත් කර ඇත්තේ ඒ නීතියට පටහැනිව බවද එම වාර්තාව ප්‍රකාශ කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය.


( lankadeepa | සුජිත් හේවාජුලිගේ)


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න