බැඳුම්කර වාර්තාවේ වැදගත්ම කොටස් හංගලා !

බැඳුම්කර වාර්තාවේ වැදගත්ම කොටස් හංගලා !

බැඳුම්කර කොමිෂන් වාර්තාවේ තමන් මාස 4 ½ ක් ඉල්ලා සිටි ලේඛනවලින් කොටසක්  පාර්ලිමේන්තුවට ලැබී ඇති නමුත් එයින්   වැඩි කොටස තවමත් පාර්ලිමේන්තුවට ලැබී නොමැති බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් සඳහන් කරයි.

පාර්ලිමේන්තුවට අවශ්‍ය නම් මේ ලේඛන ලබා ගන්නට උසාවි නියෝගයක් ලබාගත හැකි බවත් අදාළ  ලේඛන සියල්ල නොමැතිව බැදුම්කර වංචාව ගැන කිසිදු විධිමත් හරවත් සංවාදයක් ඇති විය නොහැකි යැයිද ඔහු අවධාරණය කර සිටියි.

ඊයේ (05)  රාජගිරියේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කල අතර විවිධ පුද්ගලයින් ඇලෝසියස් හා පළිසේන සමග පැවැත්වූ සංවාද ඇතුළත් සී 350 ලේඛනයේ කොටස් දෙකක් පාර්ලිමේන්තුවට ලැබී ඇති බව සඳහන් කරන කැෆේ විධායක අධ්‍යක්ෂවරයා එයින් එක් කොටසක් කෝප් කමිටුවේ සිටින අතර ඇලෝසියස්-පලිසේන සමග සාකච්ඡා පැවැත්වූ පුද්ගලයින් ගැන බවත්  දෙවැන්න, රවී කරුණානායක ගේ පවුලේ සාමාජිකයින් පැවැත්වූ දුරකතන සංවාද ගැන බවද සඳහන් කරයි.

කෙසේ නමුත් කථානායකවරයාට අවශ්‍ය නම්  පාර්ලිමේන්තුවේ සියළුම මන්ත්‍රීවරුන්  ඇලෝසියස්-පළිසේන සමග පැවැත්වූ සාකච්ඡා පිළිබද වාර්තාවක් කැදවන්න හැකි බවත් එවිට බැඳුම්කර ගනුදෙනුවට අදාළව  සගවන්නට හදන අබිරහස හෙළිදරව් වනු ඇති බවද ඔහු අවධාරණය කර සිටියි.
එසේම බැඳුම්කර ගනුදෙනුව පිළිබදව පාර්ලිමේන්තුවට ලබාදී ඇති වාර්තා  සභාගත විය යුතු බවත්  මේ වාර්තා පාර්ලිමේන්තුවට සීමා නොකොට ඒ පිළිබඳ උනන්දුවන පාර්ශව වලට විමර්ශනය කිරීම සඳහා මහජන ප්‍රසිද්ධියට පත්කළ යුතුයයි ද ඔහු පවසා ඇත.

බැඳුම්කර ගණුදෙනුවට අදාලව සිදුකල  සම්පූර්ණ ජනාධිපති විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුව වෙත ලබාදෙන ලෙස තමන් ද ඉල්ලීම් කළ බව සඳහන් කළ ඔහු කෙසේ වුවත් මෙතෙක් තමන්  ඉල්ලූ කිසිවක් ලැබී නොමැති බවත් සඟවන්න තරම් දෙයක් එහි ඇති බව ඒ අනුව හැඟෙන බවද සඳහන් කර ඇත.

කෝප් කමිටු සාමජිකයිගෙන් මුදල් ලබා නොගත් බවට දිවුරුම් ප්‍ර‍කාශයක් අවශ්‍යයි

බැදුම්කර මුදල් තමන් ලබා නොගත් බව, මැතිවරණ වියදම් සදහා මේ සමාගම්වල මුදල් නොලැබුණු බවට කෝප් කමිටු සාමාජිකයින්ගෙන් දිවුරුම් පෙත්සමක් ලබා ගත යුතු යැයිද තමන් කථානායකවරයාට යෝජනා කල බවත් ඔහු පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න