රුසියානු පිළිකා ඖෂධයෙන් රෝගීන්ට සංකූලතා නැහැ- ඇමති රාජිත

රුසියානු පිළිකා ඖෂධයෙන් රෝගීන්ට සංකූලතා නැහැ- ඇමති රාජිත

පිළිකා රෝගීන් සදහා රුසියාවෙන් ආනයනය කළ ඖෂධය භාවිත කිරීමෙන් රෝගීන්ට කිසිදු සංකූලතාවයක් ඇති නොවූ බවත්, තවත් පිළිකා ඖෂධ වාර්ග 02 ක් ලියාපදිංචි කිරීම සදහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  ප්‍රකාශ කරයි.

මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ සිදු කළ නිරික්ෂණ චාරිකාවකින් පසු පැවැති රැස්වීම අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

පැවැති රැස්වීම අමතමින් වැඩිදුරටත් අදහස් දැක් වූ  අමාත්‍යවරයා - “පිළිකා රෝගීන් සදහා එක් ඖෂධයක් රුපියල් දෙලක්ෂ අසූදාහකට වැඩි මුදලකට ආනයනය කර තිබුනා. නමුත් මම රුසියාවෙන් ආනයනය කළ ඖෂධයක් රුපියල් එක්ලක්ෂ හතලිස් හතරදාහකට ලබාගෙන රෝහල්වලට නිකුත් කළා. එම ඖෂධය භාවිත කළ කිසිදු රෝගියෙකුට සංකූලතාවයක් ඇති වුයේ නැහැ. මෙම ඖෂධය රුපියල් 84,000 කට මෙවර ලබාගැනීමට මම පියවර ගෙන තිබෙනවා. ඉදිරියේ දී තවත් පිළිකා ඖෂධ දෙකක් ලියාපදිංචි කිරිම සදහා අයදුම්පත් ඉදිරිපත් කර තිබෙනවා.”

“පළාත් සභා රෝහල් මධ්‍යම රජයට පවරා ගන්නා ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වුනා. නමුත් පළාත් සභා පිහිටුවීමට කැමැත්ත පළ කළ මම පළාත් සභා රෝහල් පවරා ගන්නේ නැහැ. පළාත් සභාවල බලතල අඩු කිරීමටත් මම කැමැති නැහැ. පළාත් සභා රෝහල් සංවර්ධනය කිරීම සදහා අවශ්‍ය තරම් මුදල් ලබාදෙනවා. මාතලේ මහ රෝහලට අවශ්‍ය සීටී ස්කැනර් යන්ත්‍රය මාස 04 ක් තුල ලබාදීමට මම පියවර ගන්නවා. හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයාට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමට ද පියවර ගන්නවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් තීන්දු තීරණ හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් රෝහල්වලට පැමිණ ගොඩනැගිලි සාදන තුරු බලා සිටීමට සිදුව තිබෙනවා. එමගින් වෛද්‍යවරයා මානසිකව කඩා වැටෙනවා. එය හරිම දුර්වල තත්ත්වයක්. මාතලේ රෝහල දියුණු කිරීමෙන් මහනුවර මහ රෝහලේ පවතින තදබදය අවම කළ හැකියි. මානව සම්පත කඩිනමින් ලබාදීම පිළිබදව ගැටලුවක් පැවැතුන ද මානව සම්පත් සංවර්ධනය සදහා සියලු පියවර ගෙන තිබෙනවා. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම මගේ වගකීමයි.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න