මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර වෙත එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ධූරය ලබා දී ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඊට අදාළ පත්වීම් ලිපිය නිකුත්කර ඇති අතර ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ අමාත්‍යවරයාගේ ගිණුමෙහි ඒ සම්බන්ධයෙන් සඳහන් කර ඇත.
ඒ සිය වසර 30කට පෙර ශ්‍රීලනිප මාතර දිස්‌ත්‍රික් සංවිධායක ධුරය ලැබූ මොහොතේ මෙරට පැරණිතම පක්ෂය වන එජාපයේ මෙවන් තනතුරකට පත්වනු ඇතිබවට තමා සිහිනෙකුදු නොසිතු බවය.
මංගල සමරවීර මහතා 1989 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් ලෙස සිය දේශපාලන දිවිය ආරම්භ කළේය.
සමරවීර අමාත්‍යවරයා පසුව චන්ද්‍රිකා පාලන සමයේ සහ රාජපක්ෂ පාලන කාලය තුළ එවකට රජයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති විරෝධි පාලනය එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු අසුන් ගැනීම ඔහුගේ දේශපාලනයේ හැරවුම් ලක්ෂය බව දේශපාලන විචාරයකයින්සඳහන් කර සිටියි.

