මහින්ද ශ්‍රීලනිප උපදේශකත්වය එපා කියයි !

මහින්ද ශ්‍රීලනිප උපදේශකත්වය එපා කියයි !

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උපදේශකවරයෙකු ලෙස තමන් පත් කර ඇත්තේ තමන්ද නොදැනුවත්ව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පවසා ඇත.

ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී උපදේශකයෙකු ලෙස පත් කර තිබීම ගැන කල විමසීමකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මේ බව පවසා ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්‍සයට තමන් ආදරය කරන නමුත් එම පක්‍ෂය එජාපය සමග සිටිනා තාක්කල්  ඊට එක් නොවන බවද පවසා ඇති ඔහු  ශ‍්‍රීලනිප - එජාප සමග හවුල් ආණ්ඩුවට තමන්යින් ඉවත්වූ බවද ඔහු පවසා ඇත. 

පොහොට්ටුව තැනකට  ඇවිත් තිබියදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක් වීමේ වුවමනාවක්  තමන්ට  නැති බවත් ඕන  වෙලාවට ගන්නත් එපා වෙලාවට විසි කරන්නත් තමන් ඇතුළු පිරිස රම්පෙ කරපිංචා නොවන බව ශ‍්‍රීලනිපය සිහි තබා ගත යුතු බවද ඔහු පවසා ඇති බව වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න