අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ මීළඟ රැස්වීම ත්‍රිකුණාමලයේ !

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ මීළඟ රැස්වීම ත්‍රිකුණාමලයේ !

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ මීළඟ ප්‍රාදේශීය රැස්වීම ත්‍රිකුණාමලය  හින්දු සංස්කෘතික ශාලාවේදී  ජුනි 13 වනදා  පැවැත්වීමට නියමිතය.

අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින්, අතුරුදන්වූවන් පිළිබඳ කටයුතු කරන සිවිල් සංවිධාන සහ ජනමාධ්‍ය සමග මෙහි ඉදිරි කටයුතු පිළිබඳව අදහස් හුවමාරු කරගැනීමත් අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ ව්‍යුහය සහ මෙහෙයුම් කටයුතුවලට ජනතාවගේ යෝජනා ඇතුළත් කිරීම සඳහා ජනතා අදහස් විමසීමත් මෙම ප්‍රාදේශීය රැස්වීම්වලින් අපේක්ෂා කෙරේ.

ජනතාව සමග සංවාද කෙරෙන මෙම රැස්වීම් මාලාව  මේ වන විට  මන්නාරම, මාතර හා මුලතිව් දිස්ත්‍රික්කවලදී  පවත්වා ඇත.

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පනත 2016 වසරේදී පාර්ලිමේන්තුවේ සම්මත වූ අතර කාර්යාලය සඳහා කොමසාරිස්වරුන් පත් කෙරුණේ 2018 මාර්තු 01 වනදාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න