පළා බබාලා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කඩකරලා - ඇමති අකිලගෙන් චෝදනා

පළා බබාලා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කඩකරලා - ඇමති අකිලගෙන් චෝදනා

පළාත් සභා කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටුපා පළාත් පාසල්වල  ප්‍රාථමික  ශ්‍රේණි සඳහා  දරුවන් ඇතුළත්  කර තිබෙන බවට තොරතුරු වාර්තා වී ඇති බව  අධ්‍යාපන අමාත්‍ය  අකිල විරාජ් කාරියවසම් සඳහන් කරයි.

වයඹ සහ ඌව පළාත් සභාවල මෙවැනි සිද්ධි ගණනාවක් වාර්තා වී තිබෙන බවත්  දේශපාලකයින් හිතුමතේ තම  හිතවතුන්ගේ හා ඥාතීන්ගේ දරුවන් රැසක් මෙම පළාත් පාසල්වලට ඇතුළත් කර ඇති බවත් හෙළි වී තිබෙන බවත්   මෙවැනි අත්තනෝමතික ක්‍රියා කිසා  ගමේ පොඩි පොඩි පාසල් වැසී යා හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

මේ හේතුවෙන් පන්ති කාමරයක සිසුන්  ප්‍රමාණය ක්‍රමානුකුලව  අඩු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය  ලබා දී ඇති නියෝගය පවා උල්ලංඝණයවී තිබෙන බවත්  මෙම බඳවා ගැනීම නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සැකසීමේ වැඩපිළිවෙළටද  මරු පහරක්  බවත්  අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න