භූමිතෙල් සහනය හෙට සිට ! 

භූමිතෙල් සහනය හෙට සිට ! 

ධිවර ජනතාව ඇතුළු අඩු අදායම්ලාභී ජනතාව මුහුණ දී සිටින අපහසුතාව සළකා ලබන සඳුදා සිට අඩු මිලට භූමිතෙල් ලබා දීමට රජය තීරණය කළ බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි  පවසයි.

භූමිතෙල් ගැටලුව පිළිබදව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේදී කරන ලද සාකච්ජාව සහ  මුදල් අමත්‍යවරයා ඇතුළු මහා භාණ්ඩාගාර ඉහළ නිලධාරීන් සමඟ සිදු කළ  සාකච්ජාවල ප්‍රතිඵලයක් ලෙස මෙලෙස භූමිතෙල් මිල පහත දැමීමට හැකි වූ බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ඒ අනුව ලබන සදුදා සිට භූමිතෙල් ලීටරයක් රුපියල් 70 ත් 80 ත් අතර මුදලකට ලබාගැනීමට මෙරට ජනතාවට හැකි බවත්  අදාළ  අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත් කල නිවේදනයේ දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න