පළාත් සභා මැතිවරණ සංශෝධන පනත පාර්ලිමේන්තුව මඟින් සම්මත කළ ආකාරය නීති විරෝධී බවට ප්‍රකාශ කරන මෙන් ඉල්ලා හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ බව වාර්තා වෙයි.
අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ සහ නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුවක් මත අද(14) මෙසේ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කර ඇති අතර එම තීරණය අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් විවෘත අධිකරණයේ දී ප්‍රකාශයට පත්කර ඇත.
හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා සිය පෙත්සමෙන් සඳහන් කර තිබුනේ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත ජනමත විචාරණයකට යොමු නොකොට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවය.
නමුත් ඊට එරෙහිව මූලික විරෝධතා මතු කළ නීතිපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයක් අදාළ පනත් කෙටුම්පත දැනටමත් පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති නිසා එය අධිකරණ හමුවේ ප්‍රශ්න කළ නොහැකි බව සඳහන් කළේය.
මෙම කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කර ඇත.

