රජය විසින් ක්‍රියාවට නංවනු ලබන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ කොන්ත්‍රාත් පිරිනැමීමේදී ඒවා බොහෝමයක ඉංජිනේරු ඇස්තමේන්තුව ඉක්මවූ මුදලකට කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමත්, ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතරතුර ඒවායේ පිරිවැය ඉහළ යාම වලක්වා ගැනීම වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඊට අනුව මංගල සමරවීර අමාත්‍යවරයා යෝජනා කර ඇත්තේ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන ප්‍රසම්පාදන කමිටුවල අධිකාරි බලය යටතේ වන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල මුළු පිරිවැය ඇස්තමේන්තු හා කොන්ත්‍රාත් පිරිවැය විචලනයන් සමාලෝචනය කිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ අදාළ නිලධාරින්ගෙන් සමන්විත පිරිවැය ඇස්තමේන්තු සමාලෝචන කමිටුවක් ස්ථාපිත කිරීමය.
රජය විසින් ක්‍රියාවට නංවනු ලබන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ කොන්ත්‍රාත් පිරිනැමීමේදී ඉංජිනේරු ඇස්තමේන්තුව ඉක්මවූ මුදලකට කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම ඇතුළු ගැටළු නිවැරදි කිරීම සඳහා නිසි යන්ත්‍රණයක් හඳුන්වා දීමත් යථාර්ථවාදී පිරිවැය ඇස්තමේන්තු සකස් කිරීම සඳහා ප්‍රසම්පාදන අස්ථිත්වයන්ට මඟ පෙන්වීමත් කාලීන අවශ්‍යතාවක් බව හඳුනා ගනිමින් මෙකී යෝජනාව ඉදිරිපත් කර තිබේ.

