සිංහරාජ වනය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවතට !

සිංහරාජ වනය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවතට !

සාධාරණ හේතුවකින් තොරව සිංහරාජ වනයේ සිටින අලි දෙදෙනා ඉවත් කිරීමට කටයුතු කළහොත් එම වනය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කරන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කර සිටියේ   "සුරකිමු ලංකා" හී සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කර ඇත්තේ තෙත් කලාපීය පරිසර පද්ධතියක සිටින අවසන් අලි දෙදෙනා සිංහරාජ වනයේ සිටින අලි දෙදෙනා බවත් එම අලි දෙදෙනා බලහත්කාරයෙන් එම පරිසර පද්ධතියෙන් ඉවත් කිරීම ජාත්‍යන්තර පරිසර නීතිය උල්ලංඝනය කිරීමක්ද වන බවය.

ඒ හේතුවෙන් සිංහරාජ වනයට ඇති වටිනාකම ඉවත්ව යන බවත්   එම වනය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්වීමේ අවධානම ඒ හමුවේ දැඩිව ඇති බවද උන්වහන්සේ සඳහන් කර ඇත.

එසේම වනජීවී අමාත්‍යවරයා අදාළ තීරණය එන තිබෙන්නේ කරුණු හරිහැටි සොයා බැලීමෙන් තොරව බවද උන්වහන්සේ සඳහන් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න