ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් ගැන වහාම පරීක්ෂණ අරඹන ලෙස වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ශ‍්‍රී ලංකා විදුලි සංදේශන හා නියාමන කොමිෂන් සභාව වෙතින් ඉල්ලා සිටියි.
ශ‍්‍රී ලංකා විදුලි සංදේශන හා නියාමන කොමිෂන් සභාව වෙත ලිපියක් යොමුකරමින් එම සංගමය මෙම ඉල්ලීම සිදුකර ඇති අතර පසුගිය කාලය පුරාම උතුරු නැගෙනහිර ඇතුලූ රට පුරා ඉතා සංවිධානාත්මකව හා තීව‍්‍ර ලෙස ක‍්‍රියාත්මක වන ලියාපදිංච් නොකල නීතිවිරෝධී කේබල් රූපවාහිනී සේවාවන් පිළිබඳව වෙබ් අඩවි කිහිපයක් විසින් හෙලිදරවු කොට ඇති බවත් ඒ තුළින් ව්‍යාපාරිකයන්, දේශපාලඥයින් ඇතුලූ කිහිප දෙනෙකු නීති විරෝධි කේබල් සේවාවන් වලට සම්බන්ධ බවට එම වෙබ් අඩවි විසින් අනාවරණය කර ඇති බවද එහි සඳහන් කර තිබේ.
එසේම ජාතික ආරක්ෂාවටත් ජාතීන් අතර සහජීවනයට හා ආගමික සංහිදියාවට මෙම නීති විරෝධි කේබල් සේවාවන් හරහා දැඩි බලපෑම් ඇතිවන බව අවධාරණය කර ඇති එම ලිපියේ මෙවැනි බලපෑම් ඇති වීමට ප‍්‍රධාන හේතුව වන්නේ මෙවැනි නීති විරෝධී නාලිකා විසින් විකාශනය කරන ලබන වැඩසටහන්වල අන්තර්ගතය නියාමනය කිරීමට මාර්ගයක් කොමිෂන් සභාවට නොහැකි වීම නිසා බවත් එහෙයින් එම රූපවාහිනී නාලිකා ඔවුනට අවශ්‍ය වැඩසටහන් රිසි සේ විකාශය කිරීමට හැකිවී ඇති බවත් පෙන්වාදී ඇත.
එසේ තිබියදී වෙබ් අඩවි තහනම් කිරීමට කඩිනම් තීරණ ගන්නා ආණ්ඩුව විසින් මෙම නීති විරෝධී කේබල් සේවාවන් තහනම් කිරීමට නොගැනීම පිළිබඳව බරපතල සැකයක් රට තුළ හටගෙන තිබෙන බවද එම ලිපියේ සඳහන් කර ඇත.
වර්තමාන යහපාලන ආණ්ඩුව විසින් ඔබ ආයතනය හරහා පසුගිය අවුරුදු තුනාහමාර කාලය තුළ ලංකාවේ වෙබ් අඩවි කිහිපයක් වාරණය කිරීමට කටයුතු කරන ඇති බවත් එම වාරණයට හේතුව පිළිබඳව රජයෙන් විමසන සෑම අවස්ථාවකදීම තමන් ලත් පිළිතුර වූයේ අදාල වෙබ් අඩවි ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බැවින් වාරණය කිරීමට තීරණය කළ බව වුවත් එම සෑම වාරණය කිරීමේ නියෝගයක් පිටුපසම රටේ ඉහළම දේශපාලකයන් සිටින බව මේ වන විට ඉතා පැහැඳිලිව රට හමුවේ අනාවරණය වී ඇති බවද සඳහන් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
