16 කණ්ඩායමේ බෙදිල්ලක්

16 කණ්ඩායමේ බෙදිල්ලක්

ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 කණ්ඩායමේ බරපතල බෙදීමක් මතුව තිබෙන බවත් ඒ අනුව ඉතාම නුදුරේදී එම පාර්ශවය කණ්ඩායම් දෙකක් බවට පත්වන තත්ත්වයක් උද්ගතව තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

එම ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන  සහ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ 16 කණ්ඩායම අතර අද (14)  පැවති සාකච්ඡාව 16 කණ්ඩායමේ පිරිසක් වර්ජනය කර ඇති බවත් ඊට හේතු වී ඇත්තේද 16 කණ්ඩායමේ මතුව ඇති බෙදීම ය.

හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වය පිළිගෙන එම පාර්ශවය සමඟ ඉදිරි දේශපාලන කටයුතු කිරීම තම අපේක්ෂාව බවත් තවදුරටත් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා සඳහා යොමුවීම තුළ  එක පාර්ශවයක් තුළ හෝ ස්ථාවරත්වයක් පවත්වා ගැනීමට නොහැකි වන බව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාව වර්ජනය කල පිරිස දැනුම්දී ඇති බවද වාර්තා වෙයි.

මේ වන විටත් තම පාර්ශවය  මෛත්‍රී ජනාධිපති විසින් ඒකාබද්ධ විපක්ෂය වෙත එවූ පිල්ලි බවට ඒකාබද්ධ විපක්ෂය තුළ මතයක් මතුව ඇති බවත් ඒ හේතුවෙන් තම දේශපාලන අනාගතය ගැනද අස්ථාවර තත්ත්වයක් මතුව ඇති බවද ඔවුන් සඳහන් කර ඇති බවද වාර්තා වෙයි.

කෙසේ වුවත් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවට සහභාගීවන කණ්ඩායමේ අදහස වී ඇත්තේ මේ මොහොතේ පක්ෂයේ සභාපතිධුරය දරන්නේ ජනාධිපතිවරයා බැවින් තවදුරටත් ඒ සමඟ සම්බන්ධතාව පවත්වාගත යුතු බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න