ශ්‍රී ලංකා ක්‍රිකට් : නව නිලවරණයකට - අධිකරණ අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් : නව නිලවරණයකට - අධිකරණ අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අලුතෙන් නිලවරණයක් පැවැත්වීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍යවරයා සහ අමාත්‍යංශ ලේකම්වරයා අභියාචනාධිකරණයට අද (14)  දැනුම්දී ඇති බව වාර්තා වෙයි.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල  එම ආයතනයේ සභාපති ධුරය සඳහා තරග කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා සහ  අමාත්‍යාංශ  ලේකම්වරයා  වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සූමති ධර්මවර්ධන විසින්  අභියාචනාධිකරණය වෙත මෙම දැනුම්දීම සිදුකර ඇති අතර එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ   නිලවරණය වෙනුවෙන්  දැනට කැඳවා තිබෙන නාම යෝජනා සියල්ල අවලංගු කර අලුතෙන් නාමයෝජනා කැඳවීමක් පියවර ගන්නා බවද  දැනුම්දී ඇත.

නාමයෝජනා කැඳවන වකවානුව, ඒ සඳහා විරෝධතා ඉදිරිපත් කරන කාල සීමාවන් සහ විරෝධතාවලට එරෙහිව අභියාචනා ඉදිරිපත් කළ හැකි කාල සීමාවන් පිළිබඳ සවිස්තර තොරතුරු මීළඟ නඩු දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද  රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා  දන්වා ඇත.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල විසින් මෙම කරුණු සටහන් කරගනිමින් පෙත්සම් පිළිබඳව වැඩිදුර සලකා බැලීම ජුලි මස 4 වනදාට කල්තබා ඇති අතර  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නිලවරණය පැවැත්වීම වළකාලමින් දැනට පනවා තිබෙන වාරණ යෝගය විසුරුවා හැරීමට නියම කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න