ශ්‍රීලනිප 16 එක්ක කතාවක් නෑ :2020 අපේක්ෂකයා මහින්ද - බැසිල්

ශ්‍රීලනිප 16 එක්ක කතාවක් නෑ :2020 අපේක්ෂකයා මහින්ද - බැසිල්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සමඟ තමන් කිසිඳු සාකච්ඡාවක් නොකළ බවත් එවැනි කණ්ඩායම් පිළිගැනීමට සූදානමක් නොමැති බවත්  හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කරයි.

අද (14) කොළඹ පැවති උත්සවයකින්  අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

එසේම 2020 ජනාධිපතිවරණය සඳහා නීතියෙන් බාධාවක් නොමැති නම් ඒ සඳහා ඉදිරිපත් වන්නේ ජනතාව බලාපොරොත්තු වන නායකයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බවත් එසේ නොමැති නම් හිටපු ජනාධිපතිවරයා විසින් නම් කරන ලද අපකේෂකයෙකුට සහය දක්වන බවත්  හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

දෙපැත්තේ කකුල් තියාගෙන සිටින පුද්ගලයින් පිළිබඳ ජනතාව ඉදිරියේදී තීරණයක් ගනු ඇති බවද එහිදී ඔහු සඳහන් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න