බිලියන 50 කට තට්ටු කරන සියඹලාගේ කැබිනට් පත්‍රිකාව මෙන්න

බිලියන 50 කට තට්ටු කරන සියඹලාගේ කැබිනට් පත්‍රිකාව මෙන්න

යෝජිත කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත  ස්වාභාවික වායු විදුලි බලාගාරයේ ඉදිකිරීම්   රජයට රුපියල් බිලියන 50 කට අධික පාඩුවක් සිදුකරමින්  චීන සමාගමක් වෙත ලබාදීම සඳහා විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

එළඹෙන 19 වනදා කැබිනට් අමාත්‍ය හමුවට එය ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ වන විටත් එම පත්‍රිකාව අනාවරණය කර ගැනීමට දුෂණ විරෝධී ක්‍රියාකාරීන් සමත්ව ඇති අතර එය පහත පළවේ.

මෙම බලාගාරය ඉදිකිරීම සඳහා ටෙන්ඩර කැඳවීමක් මීට පෙර සිදුකර තිබු අතර  ඒ සදහා අවම මිල ලබාදුන් දේශීය සමාගම නොතකා හැර  චීන සමාගමක් වෙත එය  පැවරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ

මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කලහොත් ඉන් රටට සිදුවන පාඩුව රුපියල් බිලියන 50ක් වන බවත්  රටේ බලශක්තිය පාලනය කිරීමේ බලයද චීනයට හිමිවීමේ අවධානමක් ඇති බව දුෂණ විරෝධී පිරිස් වල අදහස වී තිබේ. 

2016 වසරේදී ඉදිකිරීමට නියමිතව තිබූ මෙම බලාගාරය විදුලි බල අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩගේ බාධා කිරීම් හමුවේ වසර දෙකක් පුරා ප්‍රමාද වූ අතර ඒ හරහා දුෂිත ගනුදෙනුවක් සුදානම් කිරීමට මෙම නිලධාරියා කටයුතු කරන බවද අවස්ථා ගණනාවකදී අපද අනාවරණය කළෙමු.

අනෙක්වි අතට මේ දුෂිත උත්සාහය ගනිමින් සිටින්නේ වීදුලි බල ජනනය, බෙදාහැරීම පිළිබඳ තාක්ෂණික කරුණු සම්බන්ධයෙන්  ඉහළ දැනුමක් සහ විදුලිබල ක්ෂේත්‍රයේ මනා පළපුරුද්දක් සහිත විශේෂඥයින්ගෙන් සමන්විත තාක්ෂණික ඇගයීම් කමිටුවේ(TEC) සාමාජිකයින්, අවස්ථා හතරකදී සියලු ව්‍යාපෘති යෝජනාවන් පිළිබඳව සලකා බලා දේශීය සමාගමට ටෙන්ඩරය ලබාදිය යුතු බවත්, ඔවුන්ගේ ජනන සැලසුම ලංකා විදුලිය බල මණ්ඩලයට සහ රටට වඩාත්ම හිතකර යෝජනාව බවත් නිර්දේශ කර ඇති පසුබිමේය. 

නමුත් විදුලි බල අමාත්‍යංශයේ ලේකම්වරයා වන සුරේන් බටගොඩ සමඟ එක්ව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් මෙම ටෙන්ඩරය චීන සමාගමට ලබාදීමට තීරණය කර ඇති අතර ඒ සඳහා කැබිනට් මණ්ඩලය පොළඹවා ගැනීමට උත්සාහ කරමින් සිටියි. 

රජයට ඇති විශාල පාඩුවක් සිදුකරමින් සිදුවන එම කූට උත්සාහය පිටුපස ඇත්තේ අන් කිසිවක් නොව කොටි ගණනක කොමිස් මුදලක් බව සඳහන් කරන දුෂණ විරෝධී පාර්ශව අදාළ අලාභය මෙන්ම ඊට හේතු වන ගනුදෙනුවේ ස්වභාවය ද  මෙසේ තක්සේරු කර ඇත.

image 2

මෙතරම් පැහැදිලි සැකසංකා මතුකරන ගනුදෙනුවක් සඳහා  කැබිනට් අනුමැතිය මත ලබාදීමක් සිදුවුවහොත් ප්‍රශ්න ගත බැඳුම්කර ගනුදෙනුවට සමාන චෝදනාවක් මේ ආණ්ඩුවට එල්ලවීම වළක්වා ගත නොහැකි බවත් දුෂණ විරෝධීන් පෙන්වා දෙයි. 

 අදාළ කැබිනට් පත්‍රිකාව

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න