රජය කාන්තාවන් සවිබල ගන්වන ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රම විනාශ කරන්න හදනවා - විපක්ෂ නායක

රජය කාන්තාවන් සවිබල ගන්වන ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රම විනාශ කරන්න හදනවා - විපක්ෂ නායක

ජාත්‍යන්තර කාන්තා දිනය සමරන මොහොතේ කාන්තා මුලික ප්‍රජා ණය වැඩසටහන් සහමුලින් ම විනාශ කරන ග්‍රාමීය නාගරික ණය මෙන්ම උතුරු නැගෙනහිර වතු ආශ්‍රිත ප්‍රජාව කේන්ද්‍ර කර ගත් ණය වැඩසටහන් මෙන්ම නාගරික ග්‍රාමීය දුප්පත් ධිවර කෘෂිකාර්මික ජනතාව ඇතුළු මරණාධාර සමිතිය පවා ක්‍රිබ් එකට ගෙනයන වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (04) පාර්ලිමේන්තුවේ දී ය.

මේ සම්බන්දයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

මාර්ගගත ව්‍යාජ ණය ක්‍රම තහනම් කරන්න

''රටට අහිතකර පියවරක් තබන්නේ නැහැ කියන රජය බාල ගල්අඟුරු ගෙනවිත් විදුලි බිල වැඩි කරන්න යෝජනා කරනවා. ප්‍රජා ශක්තිය කියා මාලිමාව සහ ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. මේ යෝජනා ඉදිරිපත් කර ඇත්තේ ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධයෙන් කිසිදු දැනුවත් වීමකින් තොරව යි. මෙහි ආරම්භය ගැනවත් රජය දන්නෙ නැහැ. සර්වෝදය, ජන සවිය, බංග්ලාදේශයේ ග්‍රාමීන් බැංකු ක්‍රමය ආදී ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය වානිජ ක්‍රම බවට පත් කර පුංචි මිනිසා තළා පෙලා තිබෙනවා. ජන ශක්තිය සමාජ නියාමන වැඩසටහන් ආදී බිම් මට්ටමේ ව්‍යාපාර කුඩුපට්ටම් කර ක්ෂුද්‍ර මූල්‍ය ණය මාෆියාවේ නිරත ලොකු ලොක්කන් ආරක්ෂා කරන වැඩපිළිවෙළක් බවට මෙය පත් වෙලා. අවම වශයෙන් මාර්ගගත ව්‍යාජ ණය ක්‍රම තහනම් වන ක්‍රමවත් මේ නව පනත තුළ නැහැ.

මේක දුර්දාන්ත පනතක්

මේ ක්ෂේත්‍රයට නියාමනයක් අවශ්‍ය යි. එයට හේතුව ඉතාම හොඳින් ක්‍රියාත්මක පුංචි සංවිධාන විනාශ කරන ලොකු ලොකු සංවිධාන මුදල් උපයන ව්‍යාපාරයක් බවට මෙය පත් කර ගෙන ඇති නිසා. අද වන විට ණය බරින් මිරිකුණු ණය මර උගුලක් වෙලා. ගිනි පොලී ණය ආයතන නිසා සියදිවි නසා ගැනීම් පවා සිදු වෙලා තියෙන නිසා මේ පුංචි පුංචි ප්‍රජා සංවිධාන ක්‍රියාත්මක කර ගෙන යන ක්ෂුද්‍ර මූල්‍ය ණයවලට මරු පහර එල්ල නොකර විශාල මූල්‍ය ආයතන මෙන්ම ධනබලය තුළින් ක්‍රියාත්මක ගිනි පොලී වැඩසටහන් නියාමනය විය යුතු යි. කාන්තා මූලික පවුල් කාන්තාව කේන්ද්‍ර කර ගත් ණය ක්‍රමවේදයට මරු පහරක් එල්ල කරන දුර්දාන්ත පනතක් ලෙස මෙය හැඳින්විය හැකි යි.

රජය සිදු කරන්නේ ම ජනතාවට විරුද්ධ වැඩසටහන්

නියාමනය විය යුත්තේ පුංචි මිනිසාගේ ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩසටහන නෙවෙයි; මහා පරිමාණ ණය දෙන ආයතන සහ ව්‍යාපාර නියාමනය විය යුතු යි. පුංචි මිනිසාගේ ණය දෙන වැඩසටහන නියාමනය නොවිය යුතු යි. එය රජයේ යුතුකමකි ජනතාවට විරුද්ධ වැඩසටහන් රජය ක්‍රියාත්මක නොකරනවා යැයි කිව්වත් මේ රජය සිදු කරන්නේ ජනතාවට විරුද්ධ වැඩසටහන්. දැන්වත් කාන්තාව ග්‍රමීය ව්‍යාපාර ගැන සිතා මේ පනත සංශෝධනය කරන ලෙස යෝජනා කරනවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න