ඉරානයට එරෙහි ඇමෙරිකානු ආක්‍රමණ හෙළා දකිමු - එක්සත් වාමාංශික පෙරමුණේ ප්‍රකාශය

ඉරානයට එරෙහි ඇමෙරිකානු ආක්‍රමණ හෙළා දකිමු - එක්සත් වාමාංශික පෙරමුණේ ප්‍රකාශය

එක්සත් ජනපදය සහ ට්‍රම්ප් පරිපාලනය ඊශ්‍රායලය සමග එක්ව ඉරානයට එරෙහිව සිදු කරන නිර්ලජ්ජිත ආක්‍රමණශීලී ක්‍රියා සහ අයතුල්ලා අල් කොමෙනි ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ අහිංසක ඉරාන වැසියන් ඝාතනය කිරීම එක්සත් වාමාංශික පෙරමුණ දැඩි ලෙස හෙළා දකී.

මෙම අධිරාජ්‍යවාදී මැදිහත්වීම ජාත්‍යන්තර නීතිය සෘජුවම උල්ලංඝනය කිරීමක් සහ ඉරාන ජනතාව ගේ ස්වෛරීභාවයට පහරදීමකි. එය ප්‍රචණ්ඩත්වය සහ බිය ගැන්වීම හරහා ජාතීන් මත තම කැමැත්ත පැටවීමට උත්සාහ කරන, තමන්ගේ ම උපායමාර්ගික සහ ආර්ථික අවශ්‍යතා සඳහා මුළු කලාපය ම අස්ථාවර කිරීමට උත්සාහ කරන එක්සත් ජනපද මිලිටරිවාදයේ තවත් ප්‍රකාශනයකි. එවැනි ක්‍රියා කිසිදු කඩතුරාවක් යටතේ සාධාරණීකරණය කළ නොහැකි අතර ලොව පුරා සියලුම ප්‍රගතිශීලී සහ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එයට විරුද්ධ විය යුතු ය.

ඒ සමග ම, එක්සත් ජනපද ආක්‍රමණශීලීත්වය හෙළා දැකීම, කොමෙනිගේ ඒකාධිපති සහ ආගමික ආධිපත්‍යය අනුමත කිරීමක් ලෙස වරදවා වටහා නොගත යුතු ය. ඔහු ගේ පාලනය මර්දනය, ආගමික අන්තවාදය සහ මූලික නිදහස ප්‍රතික්ෂේප කිරීම මගින් සලකුණු කර ඇත. එසේ වුව ද, ඉරානයේ ඉරණම තීරණය කිරීම වොෂින්ටනයට හෝ කිසිදු විදේශීය බලවතකුට අයත් දෙයක් නොවේ. නායකත්වය තීරණය කිරීමේ අයිතිය යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ විමුක්තිය සඳහා ඔවුන්ගේ ම අරගල සහ අභිලාෂ හරහා ඉරාන ජනතාවටම පමණක් පැවරී ඇත. එක්සත් වාමාංශික පෙරමුණ, අධිරාජ්‍යවාදී මැදිහත්වීම සහ ඒකාධිපති පාලනය යන දෙකම ප්‍රතික්ෂේප කරමින්, ස්වයං නිර්ණ මූලධර්මය සමඟ ස්ථිරව සිටින අතර, වෙනසක් සිදුකල හැක්කේ ඉරාන ජනතාවට පමණක් බව තහවුරු කරයි.

කීර්ති කාරියවසම්

ලේකම්

එක්සත් වාමාංශික පෙරමුණ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න