16 කණ්ඩායම : ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී රැස්වීමට - ජෝන්

16 කණ්ඩායම : ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී රැස්වීමට - ජෝන්

එළඹෙන  සතියේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සඳහා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සහභාගී වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්  සෙනෙවිරත්න පවසයි.

අද (21) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

ඒකාබද්ධ විපක්ෂයද  ඒ සඳහා තම පාර්ශවයට  ආරාධනා කර ඇති බවත්  ඒ අනුව ඉදිරියේදී දෙපාර්ෂවයටම ඒකාබද්ධ විපක්ෂය ලෙස කටයුතු කිරීමේ හැකියාව පවතින බවත් මන්ත්‍රීවරයා පවසා ඇත.

එම මාධ්‍ය හමුවට එක් වූ පාර්ලිමේන්තු මන්‍ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කර ඇත්තේ  එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීම සඳහා ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයා සියලුම ජන කොටස්වල සහයෝගය හිමිවන පුද්ගලයෙකු විය යුතු බවත්  දැනට පවතින තත්ත්වය අනුව එම අපේක්ෂකයා නම් කළ යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වන බවය.

Dilum Amunugama Bඔලු දෙකේ බූරුවන් නම් එපා - පොදුජන පෙරමුණ 

කෙසේ වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ ආරංචිමාර්ග සඳහන් කර සිටියේ ශ්‍රීලනිප 16  ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම සඳහා එක්කර ගැනීමට තවමත් නිල තීන්දුවක් ගෙන නොමැති බවය.

එසේම ඔවුන් තමන් සමඟ එක්වීමට නම් තම එකම දේශපාලන නායකයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා බව ප්‍රසිද්ධියේ පිළිගත යුතු බවත් එසේ නොමැතිව නායකයන් දෙදෙනෙකු සිටින ඔලු දෙකේ බූරුවන් වැනි පිරිසක් තම පාර්ශවයට ගෙන අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න තමන්ට අවශ්‍ය නැති බවද එම ආරංචිමාර්ග පැවසීය.

ඉමේජ් දිලුම් 

සුනු විසුනු වූ පක්ෂවලට අපි ළඟට එන්න පුළුවන් දිලුම් 

ඒ බව තහවුරු කරන ප්‍රකාශයක් අද (21) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී  දිලුම් අමුණුගම ද  පැවසීය.

ඒ පිරිසක් මේ වන විට ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයේ කටයුතු කරන බවත් ඔවුන් තවමත් ඔවුන්ගේ නායකයා ලෙස පිළිගන්නේ ජනාධිපතිවරයා බැවින් 16 කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයට එක්වීමක් සිදුව නැති බවය.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු විජයග්‍රාහී පක්ෂයක් බවත් ඒ අනුව ඕනෑම සුනු විසුනු වූ පක්ෂයට තමන්  සමඟ එක්වීමේ හැකියාව පවතින බවද මන්ත්‍රීවරයා පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න