බොරු කීමට දක්ෂ විමල්ගේ ප්‍රාර්ථනය ගැන මුජිබර් කියයි !

බොරු කීමට දක්ෂ විමල්ගේ ප්‍රාර්ථනය ගැන මුජිබර් කියයි !

යුද්ධයෙන් මියගිය පුද්ගලයින් සඳහා වන්දි ලබා දීම සඳහා වන යෝජනාව සම්බද්ධයෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිදුකරන චෝදනා අසත්‍ය බවත්  ඔහුගේ ප්‍රාර්ථනය එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ඇති කිරීම  බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද(21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය 

ස්වාමිනාදන් මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් සංදේශය ප්‍රතික්ෂේප නොවූ  බවත් එය1986 ඉදිරිපත් වු චක්‍රලේඛනයක් වන අතර එය සංශෝධනය කර වන්දි ගෙවන ක්‍රමවේදය තවත් වර්ධනය කිරීම එහි අරමුණ බව ද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

කෙසේ නමුත් විමල් වීරවංශ යනු බොරු කීමට දක්ෂයෙක් බවත් ඔහුගේ අවශ්‍යතාවය වන්නේ රට තුළ නැවතත් බෙදීමක් ඇති කර දකුණේ ජනතාවට යුද්ධය ඇන්දවීම බවත් පැවසු මන්ත්‍රීවරයා විමල් වීරවංශ නම් මේ වන විට  පුනුරුත්තාපනය වී සැප විඳිමින් සිටින බවද පැවසීය.

උතුර දකුණ කියා බෙදීමක් ඇති කිරීම විමල් වීරවංශගේ උවමනාව වුවත් එය පුදුම සහගත බවත් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න