Image

කලා මණ්ඩලය කලා පොලිසියක් වෙයි ! කලා මණ්ඩලයේ නිර්දේශ මත දීපචෙල්වන්ගේ නවකතා දෙකක් රේගුවෙන් නිදහස් කරයි. කෘති දෙකක් රදවා ගනී.

කලා මණ්ඩලය කලා පොලිසියක් වෙයි ! කලා මණ්ඩලයේ නිර්දේශ මත දීපචෙල්වන්ගේ නවකතා දෙකක් රේගුවෙන් නිදහස් කරයි. කෘති දෙකක් රදවා ගනී.

රදවාගෙන ඇති දෙමළ ලේඛක දීපචෙල්වන්ගේ නවකතා දෙක නිදහස් කිරීමටත් සෙසු කෘති දෙක වන සම්මුඛ සාකච්ඡා සහ ලිපි ඇතුළත් කෘති දෙක නිදහස් නොකිරීමටත් තීරණය කළ බව රේගුව විසින් අදාළ කෘති ආනයනකරුට දැනුම් දී තිබේ.

 දීපචෙල්වන් ලේඛකයාට ද පිටපතක් සහිතව රේගු අධ්යක්ෂ ජනරාල්වරයාගේ නිකුත් කළ ලිපියක් මගින් වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික අමාතංශයට සම්බන්ධ ජාතික කලා මණ්ඩලයේ සාහිත්ය අනුමණ්ඩලය විසින් නිකුත් කරන ලද නිර්දේශ සහ ආරක්ෂක අමාත්යංශයේ නිර්දේශ මත පදනම්ව අදාළ කෘති දෙක නිදහස් නොකරන බවයි.

රේගුවේ මෙම තීරණයත් සමග මෙරට සාහිත්ය, කලා ක්ෂේත්රෙයටත්, භාෂණයේ සහ ප්රකාශනයේ නිදහසටත් අදාළ බරපතල සහ භයානක ගැටලු කිහිපයක් මතුවේ.
1. රේගුව මුලින් සදහන් කළේ අදාළ කෘති දණ්ඩ නීති සංග්රහයේ 120 හි දැක්වෙන රාජද්රෝහීවීමේ වරදට ඇතුළත් බවට වන සැකය මත ඒ කෘති පිළිබද රාජ්ය ආරක්ෂක අමාත්යංශයෙන් නිර්දේශ වාර්තාවක් කැදවා ඇති බවයි.
2. කෙසේවෙතත් සිය තීරණය දැනුම් දෙමින් රේගුව නිකුත් කර ඇති ලිපියේ දැක්වෙන්නේ කලා මණ්ඩලය සහ සාහිත්ය අනුමණ්ඩලයේ වාර්තාව ද ඒ සදහා පදනම් කරගත් බවයි.
3. රේගුව විසින් මේ පිළිබද සංස්කෘතික අමාත්යංශයෙන් , කලා මණ්ඩලය සහ සාහිත්ය අනුමණ්ඩලයේ වාර්තා කැදවීමක් සිදුනොකළ පසුබිමක ඒ පිළිබද නැති බලයක් ආරෝපණය කර ගෙන වාර්තා ලබාදීමට, දේශපාලන පත්වීම් ලබා ඇති කලා මණ්ඩලයේ සහ සාහිත්ය අනුමණ්ඩලයේ සාමාජිකයන්ට ඇති නෛතික, සහ සදාචාරාත්මක අයිතිය කුමක්ද?
4. රදවා ගැනීමට තිරණය කර ඇති කෘති දෙක දීපචෙල්වන්ගේ සම්මුඛ සාකච්ඡා සහ ලිපි ඇතුළත් ප්රබන්ධ නොවන කෘති දෙකකි. එවැනි කෘති දෙකක් දණ්ඩ නීති සංග්රහයේ 120 වගන්තිය යටතේ වන වරදකට අදාළ වන බවට තීරණය කර ඒවා නිදහස් නොකළ යුතු බවට වන නිර්දේශ නිකුත් කිරීමට තරම් විශේෂඥ නෛතික දැනුමක් දේශපාලන පත්වීම් ලබා සිටින කලා මණ්ඩලයේ සහ සාහිත්ය අනුමණ්ඩලයේ සාමාජිකයන්ට පවතීද ?
5. මෙම සමස්ත ක්රියාවලිය තුළම දේශපාලන පත්වීම් ලබා සිටින කලා මණ්ඩලයේ සහ සාහිත්ය අනුමණ්ඩලයේ සාමාජිකයන් සිදුකරමින් සිටින්නේ තමන්ට නැති අයිතියක් බලහත්කාරයෙන් ලබාගෙන තමන් විසින් තම හිතුමතයට භාෂණයේ සහ ප්රකාශනයේ නිදහසේ සීමා මායිම් මැන දක්වා සළකුණු කිරීම නොවේ ද?
6. සාහිත්ය හා කලාව පෝෂණය කිරීම සදහා පත් කර ඇති බව කියන කලා මණ්ඩලයේ සහ සාහිත්ය අනුමණ්ඩලයේ සාමාජිකයන් නැති බලතල ආරෝපණය කරගෙන මේ සිදුකරමින් සිටින්නේ තමන්ගේ මතයට පටහැනි දේ වාරණය කරමින් තමන්ට අවශය දේ පමණක් සමාජගත කිරීමේ කාර්යයක් නොවේද? තමන් අනවශය යැයි සිතන අදහස් සමාජගතවීම වැළැක්වීමෙත් ඔවුන් සිදුකරන්නේ කලාව ප්රවර්ධනය කරන කටයුත්තක් නොව එය අසාධාරණ ලෙස මර්දනය කරන පොලිසියක භූමිකාවක් ඉටු කිරීම නොවන්නේද?

viranjanaවිරංජන හේරත්

 

 

 

 

සබැදි පුවත්

ලේඛක දීපචෙල්වන් ගේ කෘති රේගුව විසින් රඳවාගනු ලැබීම පිළිබඳ නවත ම පුවත

දීපචෙල්වන්ට ලිවීමේ අයිතිය අහිමි ද?; සංස්කෘතික අමාත්‍යවරයා ගේ අවධානයට

දීපචෙල්වන් ගේ කෘති රේගුවෙන් නිදහස් කිරීම බාලගිරි දෝෂයට ලක් වෙලා ද...?

ජාජබ ආණ්ඩුවේ විස්මිත සමත්කම්

මා ජන නියමු කලාකරුවෙකි

දීපචෙල්වන් ප්‍රදීපන් ගේ පොත් පහ සහ බය නැති ආණ්ඩුව

දීපචෙල්වන් ගේ කෘති පිළිබඳ අද (17) සිදු වූයේ කුමක්ද ?

ශ්‍රී ලාංකික සාහිත්‍යයේ ඉරණම තීන්දු කරන්නේ ආරක්ෂක අමාත්‍යංශය ද...? - දීපචෙල්වන් විමසයි

කිසිම තත්ත්වයක් යටතේ අදහස් මරා දැමීමට ඉඩ දිය නොහැකි ය

වටේ ගියා ඇති, දැන්වත් වැඩේට බහින්න!

දීපචෙල්වන් ගේ කෘති පිළිබඳව නෛතික වගකීමක් අපිට නැහැ - බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ලේකම්

කිවිඳියක වන කල්පනා ඇම්බ්‍රොස් රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයෙන් ඉල්ලා අස් වෙයි

දීපචෙල්වන් ගේ (පමණක් නොව) ලිවීමේ නිදහස වෙනුවෙන් පෙළ ගැසෙමු

රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ අනුමැතිය නොමැතිව දීපචෙල්වන් ගෙ කෘති නිදහස් කරන්න බැහැ - රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ චන්දන පුංචිහේවා

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න