16 කණ්ඩායමේ වැඩ ගැන ජෝන් කළකිරෙයි !

16 කණ්ඩායමේ වැඩ ගැන ජෝන් කළකිරෙයි !

ආණ්ඩුවේ තනතුරු අතහරින ලද තමන්ද ඇතුළු ‘16 කණ්ඩායම’ සිදුකරමින් ඇති වැඩපිලිවෙල ගැන සෑහීමකට පත් විය නොහැනි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන්  සෙනෙවිරත්න  පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර  16 කණ්ඩායම කල යුත්තේ පක්ෂ නායකයන් හමුවී සාකච්ඡා කිරිම පමණක් නොවන බවත් මීට වඩා ව්‍යාප්ත  වැඩපිලිවෙලකට යා යුතු බවත් සඳහන් කර ඇත.

එසේම තම කණ්ඩායමට අනන්‍ය දේශපාලනයක් තිබිය යුතු බවත් එසේ නැතිනම් වෙනත් පක්‍ෂයකට බැදී එය සමග දේශපාලනය කල යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

කෙසේ වුවත් තම   පාර්ශවය දැනට ඒකාබද්ධ විපක්‍ෂය සමග සෘජුව සම්බන්ධ වීමට තීරණය කර ඇති බවත් ඉදිරියේදී ඔවුන් සමග වැඩ කිරිමට බලාපොරොත්තු වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න