රාජපක්ෂ පාලන සමයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියට අදාල සැකකරුවෙකු වන හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට එරෙහිව අද (28) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත.
එසේම චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට අදාල වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් ද නිකුත් කරන ලෙසත් ඒ පිළිබඳ ආගමන විගමන පාලක ජෙනරාල්වරයාට ද දැනුම් දෙන ලෙස ද එහිදී කොටුව මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කර තිබේ.
නඩුවට සම්බන්ධ තවත් සැකකරුවන් සිටී නම් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් සිද්ධියට අදාල සැකකරුවන් දෙදෙනෙකු වන හිටපු නාවික හමුදා සෙබළුන් දෙදෙනා ලබන 12 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද නියෝග කර ඇත.
මෙහිදී සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් වාහනය නාවික හමුදාව භාවිත කළ එකක් බව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය අධිකරණයට දැනුම් දුන් අතර එය පුද්ගලයින් පැහැර ගැනීමට භාවිත කර ඇති බව ද ඇය ප්‍රකාශ කර තිබේ.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් නාවික හමුදාව ලබා දී ඇත්තේ ධාවන සටහන් පමණක් බවය.
ඊට ප්‍රතිචාර දක්වමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කර ඇත්තේ අදාල වාහනය සම්බන්ධ තොරතුරු නාවික හමුදාව ලබා නොදෙන්නේ නම් ලිඛිතව නියෝග ඉල්ලා සිටින ලෙසය.

