පළාත් සභා මැතිවරණය කඩිනමින් : පාර්ලිමේන්තු විවාදය ජූලි 5!

පළාත් සභා මැතිවරණය කඩිනමින් : පාර්ලිමේන්තු විවාදය ජූලි 5!

පළාත් සභා මැතිවරණය කඩිවමින් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව උපරිම උත්සහය දරමින් සිටින බව කථානායක කරූ ජයසූරිය සහ  පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසා සිටි බව  මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරයි .

ඒ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අද (28) කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

 මේ සම්බන්ධයෙන් නිවේදනයක්  කථානායක කාර්යාලයද නිකුත් කරඇත. 

සීමා නීර්ණය වාර්තාව සැකසීමෙන් අනතුරුව ජුලි මාසයේ 5 වන දින පක්ෂ නායක රැස්වීමක් හා විවාදයක් පවත්වා ඉදිරි පියවර ගන්නා බව කථානායක කරූ ජයසූරිය එහි සඳහන් කර ඈත.

මෙහිදී අග්‍රාමාත්‍යතුමන් සහ පක්ෂ නායකවරුන්ගේ ද සහභාගීත්වයෙන් පලාත් සභා මැතිවරණය පිලිබඳව සාකච්ඡාවක් පැවැත්වීම කෙරෙහි ද අවධානය යොමු වී ඇති අතර, අදාළ පාර්ශවයන්සමග සාකච්ඡා කර  කඩිනමින් ඊට අවශ්‍ය කටයුතු යොදන බව ද කථානායකවරයා සඳහන් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න