නන්දලාල් වීරසිංහට රවී නගන චෝදනා වලට : මහ බැංකු අධිපතිගෙන් උත්තර 

නන්දලාල් වීරසිංහට රවී නගන චෝදනා වලට : මහ බැංකු අධිපතිගෙන් උත්තර 

ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට විරුද්ධව හිටපු මුදල් ඇමති රවි කරුණානයක මධ්‍ය හරහා එල්ලකරන චෝදනා සනාථ කෙරෙන කරුණු කිසිවක් ඉදිරීපත් කර නොමැති බව  ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සඳහන් කරයි.

පසුගිය දිනවල දිගින් දිගටම ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට විරුද්දව  හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් මාධ්‍ය මගින් චෝදනා නඟා තිබීම හේතුවෙන් මහ බැංකු අධිපතිවරයා වශයෙන් තමන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ යුතු ව තිබෙන බවත් ඔහු සඳහන් කර ඇත. 

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කරන අතර  විශිෂ්ට ආර්ථික විද්‍යාඥයෙකු වන ආචාර්ය වීරසිංහ මෙතෙක් තමන් මහ බැංකු අධිපතිවරයා වශයෙන් කටයුතු කළ වසර දෙක තුළ දී බැංකුවේ කාර්යයන්ට අදාළ ව සුවිශේෂි දායකත්වයක් සිදු කළ නිළධාරියෙක් බවද සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න