අනාවරණය  ඇමරිකාවේ පත්තරයක : ඒත් මහින්දගේ නඩුව ලංකාවේ මාධ්‍යට !

අනාවරණය  ඇමරිකාවේ පත්තරයක : ඒත් මහින්දගේ නඩුව ලංකාවේ මාධ්‍යට !

චීන සමාගමකින් මුදල් ලබාගත් බව පවසමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පළ කළ අසත්‍ය කරුණු ප්‍රචාරය කර තමන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් මෙරට මාධ්‍ය ආයතනවලට එරෙහිව නඩු පවරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ කුරුණෑගල පැවති රැස්වීමකදීය.

මේ සම්බන්ධයේන් එන්තරවාසියක් යැවීම සඳහා සූදානම් කර ඇති බවද  ඔහු සඳහන් කර ඇත.

ජී.එල්. ගෙන් වෙනම කතාවක් 

මේ සම්බන්ධව පසුගිය අවස්ථා කිහිපයකදීම නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටියත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජී.එල්.පීරිස් ඊට හාත්පසින් වෙනස් පිළිතුරක් දී ඇත.

ඔහු සඳහන් කර සිටින්නේ එම පුවත්පතට එරෙහිව දැනට ලංකා අධිකරණය හමුවට යාමට බලාපොරොත්තු වන බවය. එසේම ඇමරිකා එක්සත් ජනපදයේ අධිකරණයක් වෙත යාමේ අවස්ථා බලන බවද ඔහු සඳහන් කරත් ඒ ගැන නිශ්චිත කරුණු දැක්වීමක් සිදුකරේ නැත.

මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන  විචාරකයින් සඳහන් කර සිටින්නේ හිටපු ජනාධිපති මහින්දගේ ක්‍රියාව හේන පාළුකළ මුවන් සමඟ තරහට  ගෙදර තිබෙන මුව හමට තඩි බෑ ග්‍රාම්‍ය මිනිසාගේ කටයුත්තට හැර වෙනත් කිසිවකට සමාන කළ නොහැකි බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න