රාජපක්ෂ පාලන සමයේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමට අදාළව අධිකරණ භාරයේ තිබු තවත් T 56 ගිනි අවි 25 ක් නඩු භාණ්ඩ ලෙස රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් ලබාගැනීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද (03) නියෝගකර ඇත.
එම නඩු භාණ්ඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2015.04.27 වැනි දා අධිකරණයට බාරදී තිබී ඇත.
එසේම මෙම සිද්ධියට අදාළව රක්ෂිත බාරව සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ හිටපු පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු අසනීප වී සිටින නිසා බන්ධනාගාර රෝහල් ගත කර ඇතැයි බන්ධනාගාරය අධිකරණයට ලිපියක් මගින් දැනුම් දී ඇති බවද වාර්තා වෙයි.
එහෙත් දෙවැනි සැකකරු වු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා අධිකරණයේ පෙනී සිටි අතර ඔහු ලබන 17 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
