විජයකලා ට එරෙහිව විනය පරීක්ෂණයක් !

විජයකලා ට එරෙහිව විනය පරීක්ෂණයක් !

LTTE  සංවිධානය නැවත ඇති කල යුතු බවට රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධව විනය පරීක්ෂණයක් පවත්වන බව කතානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවට දන්වා ඇතැයි වාර්තා වෙයි.

කතානායකවරයා මෙම දැනුම්දීම අද (03) සිදුකර ඇත්තේ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශයට එරෙහිව  ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුව තුල දැඩි විරෝධයක් ඇති කිරීමත් සමඟය.

එහිදී විරෝධතා දැක්වූ  මන්ත‍්‍රිවරුන් කියා ඇත්තේ  රාජ්‍ය ඇමතිවරිය අමාත්‍ය පදවියෙන් පමණක් නොව  පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන්ද ඉවත් කල යුතු බවය. 

මෙම විරෝධතා හේතුවෙන් පාර්ලිමේන්තුව එකම ගාලගෝට්ටියක් බවට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට දිනය දක්වා කල් තැබීමට කතානායකවරයා කටයුතු කළ බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න