ශ්‍රී ලංකාවට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර, කොටුව ප්‍රදේශයේ පිහිටි මුදල් හුවමාරු කිරීමේ ආයතනයක් හරහා අමෙරිකානු ඩොලර් බිලියන 1ක මුදලක් විදේශ වෙත යැවීමේ සිද්ධියකට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අත්අඩංගුවට ගත් පෞද්ගලික වාණිජ බැංකු 4ක කළමනාකරුවෙකු ඇතුලු බැංකු නිලධාරීන් සිව් දෙනා ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (17) නියෝග කළේ ය.
එලෙස රක්ෂිත බන්ධනාගාරගත ගෙන ඇත්තේ පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවෙක් සහ කනිෂ්ඨ නිලධාරීන් තිදෙනෙකි.
මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කර ඇත්තේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් සිදුකළ විශේෂ විමර්ශනයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිසිය තහවුරු කළේ ය.
විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් 2023 වසරේ සිට මේ දක්වා කාලය තුළ නීතිවිරෝධී අයුරින් අමෙරිකානු ඩොලර් මිලියන 700 කට වඩා වැඩි දැවැන්ත මුදලක් විදේශ රටවලට යැවු බව කියන මෙම සිද්ධියට අදාළව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජාවාරම්කරුවෙකු වන ජිෆ්රි මොහොමඩ් නමැත්තාට ආධාර අනුබල දීමේ චෝදනාව මත මෙම සැකකරුවන් අත්අඩංගුවට බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ මෙම ජාවාරමට අදාළව සැකකාර නිලධාරීන් විමර්ශනයට බාධා කරන බැවින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස යි.
එම අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් සහ ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස ඇතුලු නීතීඥ මණ්ඩලය අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ මෙම සිද්ධියට අදාළව තම සේවාදායකයන් විමර්ශනවලට බාධා කරනවා යැයි පැමිණිල්ලේ සඳහන් කරන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණය කරුණු දැක්වූ නීතිඥවරුන් පවසා සිටියේ මෙම සිද්ධියට අදාළ විමර්ශන ආරම්භ කර මාස දෙකකටත් වැඩි කාලයක් වන බැවින් එලෙස විමර්ශනයට බාධාව වන්නේ කෙසේද යන්න ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
