හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් LTTE සංවිධානය ගැන සඳහන් කරමින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට අමාත්‍යවරුන් තිදෙනකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කර ඇත.
වාර්තා වන ආකාරයට එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම්, පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ අැමැතිනි තලතා අතුකෝරාල මේ කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කර ඇත.
මෙම කමිටුවෙන් ලැබෙන නිර්දේශ මත හිටපු රාජ්‍ය අමාත්‍යවරිය සම්බන්ධව ඉදිරි තීන්දුවක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
