මහින්දගේ 'අල්ලස' ගැන ඩේලි නිව්ස් හා නිව්යෝක් ටයිම්ස් කියූ කතා 

මහින්දගේ 'අල්ලස' ගැන ඩේලි නිව්ස් හා නිව්යෝක් ටයිම්ස් කියූ කතා 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට චයිනා හාබර් සමාගම මුදල් ලබාදීම පිළිබඳව පසුගිය දා නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙහි පළ වූ ලිපිය මෙරට ඩේලි නිව්ස් පුවත්පතේ පළ වූ ඒ හා සමාන බව කියන ලිපිය අතර සමානතා මෙන්ම විෂමතාද ඇති 'රාවය' අනාවරණය කරයි.

'රාවය' පුවත් වාර්තාවට අනුව,  2018 ජූනි මස 25 වැනි දින පළ වූ නිව්යෝක් ටයිම්ස් පුවත් වාර්තාව අනුව මෙහිදි චයිනා හාබර් සමාගම විසින් ඇ.ඩො. මිලියන 7.6 ක මුදලක් හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ කටයුතුවලට ලබාදී ඇති අතර 2015 ජූනි 22 වැනි දින ඩේලිනිව්ස් පුවත්පතෙහි පළ වූ ලිපිය අනුව ඒ සඳහා ලබාදුන් මුදල මිලියන 149 කි. 

එවකට ඇමරිකන් ඩොලරය රුපියල් 138 ක් යැයි සිතුවහොත් රුපියල් බිලියනයකට වැඩි මුදලක් වේ. (7,600,000 x 138 = 1,048,800,000)
නිව්යෝක් ටයිම්ස් අනුව මෙම මුදල් “හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතියේ 2 වන අධියර” (HPDP) phase 2’ නම් ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකු ගිණුම මගින් හුවමාරු කර ඇති අතර ඩේලි නිව්ස් හි ඉහත ගිණුමේ නම හා එය තිබූ බැංකුවට අමතරව එහි ගිණුම් අංකය වන 013359190/19 ද සඳහන් කර ඇත.

ඉහත ගිණුම යටතේ ඩොලර් මිලියන 3.7 ක ප්‍රමාණයක් හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රවර්ධන කටයුතු සඳහා යොදාගෙන ඇත.

ටීෂර්ට්, කැප්, තොප්පි මිලට ගැනීමට එයින් ඩොලර් 678,000 ක්ද වෙනත් තෑගි භාණ්ඩ සඳහා ඩොලර් 297,000 ක්ද වැයකර ඇති අතර ඩොලර් 38,000 ක ප්‍රමාණයක් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට උදවු කළ ප්‍රසිද්ධ බෞද්ධ භික්ෂුවකට ලබා දී ඇති බවත්, තවත් ඩොලර් මිලියන 1.7 ක් අරලියගහ මන්දිරයේ  ස්වේච්ඡා සේවකයන් සඳහා ලබාදී ඇති බවත් වාර්තා කරයි.

චෙක් 03 කින් රුපියල් මිලියන 89 දාහක මුදලක් :

ඩේලි නිව්ස් වාර්තාවට අනුව ඉහත ගිණුමෙන් වී.එම්.ආර්.එච්. ෆ්‍රැන්සිස්කෝ නැමැත්තා විසින් චෙක් 03 කින් රුපියල් මිලියන 89 දාහක මුදලක් ලබාගෙන එය අරලියගහ මන්දිරයේ මැතිවරණ කටයුතුවල නියුතු හේමා මාදිවෙලට ලබා දී ඇති අතර ඔහු විසින් මෙම මුදල් හිටපු ජනාධිපතිවරයාගේ පින්තූරය අඩංගු ටී ෂර්ට් 245,000 ක් හා කැප් 125,000 ක් මිලට ගැනීමට යොදාගෙන ඇත.

මීට අමතරව ඉහත ගිණුමෙන් ප්‍රියන්ත සමරසිංහ නැමැත්තාට රුපියල් මිලියන 58 ක මුදල් චෙක්පත් දෙකකින් ලබාදී ඇති අතර මෙම මුදල්ද අරලියගහ මන්දිරයේ එවකට ඡන්ද කටයුතුවලට සම්බන්ධ වී සිටි හේමා මාදිවෙලට ලබා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ඩේලි නිව්ස් පුවත්පතට පවසා ඇත.

මේ අතර චීන තානාපති කාර්යාලය මගින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී චයිනා හාබර් ඉංජිනියරින් සමාගමේ නියෝජිතයකු පැවසුවේ තම සමාගම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 2015 මැතිවරණ ව්‍යාපාරයට මුදල් ලබාදුන් බවට ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් විසින් සිදුකරන අනුමානයෙහි අඩංගු තොරතුරු සම්පූර්ණයෙන්ම පරස්පර ඒවා බවයි.

“ද ටයිම්ස්” පුවත්පත දැක ඇති, රජයේ අභ්‍යන්තර විමර්ශනයක ලේඛනවලට අනුව රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරයට සම්බන්ධ අයට ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ඇති චයිනා හාබර් ගිණුමෙන් අඩු වශයෙන් ඩොලර් මිලියන 7.6 ක් ලබා දී ඇත. මෙම ලේඛනයේ චයිනා හාබර් බැංකු ගිණුමේ අංකය, (එහි අයිතිය නිවැරදි බව සොයාගෙන තිබේ) චෙක් පත් ලබාගත් පුද්ගලයන් ප්‍රශ්න කිරීමෙන් ලැබුණු බුද්ධි තොරතුරු ආදිය එහි අඩංගුවේ.

මැතිවරණයට දින 10 ක් තිබියදී චෙක්පත්වලින් තවත් ඩොලර් මිලියන 3.7 ක් ලබා දී තිබේ. ඡන්ද ව්‍යාපාරයේ ටී-ෂර්ට් මුද්‍රණය කිරීම හා අනිකුත් ප්‍රවර්ධනාත්මක ද්‍රව්‍ය සඳහා ඩොලර් 678,000 ක් ද කාන්තා සාරි ඇතුළු ආධාරකරුවන්ට ලබා දුන් තෑගි ආදිය සඳහා තවත් ඩොලර් 279,000 ක් ද ගෙවා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න