හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මියට මුදල් ලබා දුන් බව චීනයට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි CICT සමාගම නිවේදනයක් නිකුත් කරමින් පිළිගෙන ඇති බව වාර්තා වෙයි.
එහිදී CICT සමාගම පවසා ඇත්තේ රුපියල් එක්කෝටි අනූහතර ලක්ෂ දස දහසක් හෙවත් අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ පනස්දහසක් පුෂ්පා රාජපක්ෂ මහත්මියට ලබා දුන් බව ය.
එය යහපත් චේතනාවෙන් ලබා දුන් පරිත්‍යාගයක් ලෙස ඔවුන් හඳුන්වා ඇතැයි සමාගම නිකුත් කළ නිවේදනය උපුටා දක්වන මාධ්‍ය වාර්තාවල සඳහන් ය.
CICT හෙවත් කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල්ස් සමාගමේ කොටස්වලින් 85%ක් අයිති වන්නේ චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින් නමැති චීන සමාගමට ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
